Komala Namunukula Song Lyrics - කොමළ නමුණුකුල ගීතයේ පද පෙළ

Komala Namunukula Song Lyrics - කොමළ නමුණුකුල ගීතයේ පද පෙළ
Song Title : Komala Namunukula (කොමළ නමුණුකුල)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


කොමළ නමුණුකුල නුඹගේ
පුංචි පුංචි මල් වනන්තරේ
පංච වර්ණේ
රංචු රංචු සමනල සේනා
පෙරහැරේ යන්නා
ඒ පාර දිගේ
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ

ළමැද වසාගන්නත් මදී
වලා සළු පටින් මුහුණ වසා
බලා සිටිද්දී ඇස් දෙක නිල්වන්
කොමළ නමුණුකුල කුමරී

රුව බැබලී රන්කඳ කොමළී
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ

මුහුණ බලාගන්නැයි කියා
ඔබේ දෙතොල රැඳී සුවඳ දිගේ
හඬා වැටි වැටී එන්නට හිත්වෙන
කොමළ නමුණුකුල කුමරී

රුව බැබලී රන්කඳ කොමළී
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ

කොමළ නමුණුකුල නුඹගේ
පුංචි පුංචි මල් වනන්තරේ
පංච වර්ණේ
රංචු රංචු සමනල සේනා
පෙරහැරේ යන්නා
ඒ පාර දිගේ
හිත පාවී පාවී කෙහේද මේ යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Komala Namunukula Song Lyrics - කොමළ නමුණුකුල ගීතයේ පද පෙළ Komala Namunukula Song Lyrics - කොමළ නමුණුකුල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment