Kinnarawiye Song Lyrics - කින්නරාවියේ ගීතයේ පද පෙළ

Kinnarawiye Song Lyrics - කින්නරාවියේ ගීතයේ පද පෙළ
Song Title : Kinnarawiye (කින්නරාවියේ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : චන්න ජයනාත්
තනුව : එච්.එම්. ජයවර්ධන


කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

සුරංගනාවක්
සැන්දෑ අහසින්
මනාලියක් සේ පාවී එයි
සුවඳ අරන් ඉගිල්ලෙන්න
ආදරයේ ගිනිසිළුවක් වී

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

දුහුල් වලාවන්
සෙමින් සෙමින් විත්
වෙන්වී වෙන්වී නොපෙනී යයි
මගේ කඳුළ වාවගන්න
මා දුටුවේ හීනයක් තමයි

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kinnarawiye Song Lyrics - කින්නරාවියේ ගීතයේ පද පෙළ Kinnarawiye Song Lyrics - කින්නරාවියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment