Kanyawee Song Lyrics - කන්‍යාවී ගීතයේ පද පෙළ

Kanyawee Song Lyrics - කන්‍යාවී ගීතයේ පද පෙළ
Song Title : Kanyawee (කන්‍යාවී)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී

නියඟලා මල්
පා‍ට දේදුණු
දෙබෑ කර එන
ගිරා පොව්වන්

පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්

රසාතලය කලඑළි ගන්වා
වයන්න වීණා කන්‍යාවි

මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ළිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanyawee Song Lyrics - කන්‍යාවී ගීතයේ පද පෙළ Kanyawee Song Lyrics - කන්‍යාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2022 Rating: 5

0 comments:

Post a Comment