Heta Dawase Wirayo Song Lyrics - හෙට දවසේ වීරයෝ ගීතයේ පද පෙළ

Heta Dawase Wirayo Song Lyrics - හෙට දවසේ වීරයෝ ගීතයේ පද පෙළ
Song Title : Heta Dawase Wirayo (හෙට දවසේ වීරයෝ)
Vocals by KAALI
Produced by Jizzy
Music by Jizzy
Lyrics by KAALI
Recorded By Thejan Wadinambi Arachchi
Mastered by Jizzy
Edit: LoneWolfShaz
Vfx & animations: LoneWolfShaz
Direction & Edited by KAALI
Assistant Director by Vikum S


ලියන්න කියන්න පාඩම් වැඩ නම් බෝමයි
පප්පල බලන්න හවසට ඕනයි
අරිශ්ටෙ වෙනුවට කුරුම්බ ඕනෙයි
දුවන්න ඕනෙයි පනින්න ඕනෙයි විඳපුව බෝමයි

විඳපුව බෝමෙයි

විඳපුව බෝමයි

නිවාඩුවට ගට අරං ගෙවැට පැනගෙන මහගෙන අහගෙන පැනේ

සේරුවට ගැට ගහං සරංලේ අරං වෙලෙන් පැනං දුවං ලෙලි ගහං දණේ විඳපුව බෝමයි

විඳපුව බෝමයි

ඇලෙන් නහං නිල් ගොයං හැන්දෑවෙ ගුටි කාගෙන ගෙට යමං කියාගෙන බණේ

දම දමං වෙට්ටු අම්මට දුවගෙන කාමරේට ගිය අපි ලොකු වෙලා මචං අනේ විඳපුව බෝමෙයි

විඳපුව බෝමයි

විඳපුවත් බෝමයි මචං

එකදා නවසිය ගණං වලදි සුද්දා ගියා රට දාලා
එතන ඉඳන් හිටි උන් රතු කොල නිල් පාටින් රට හාලා
පහෙන් පහට අපි ගත්තා එක එක එක මරු සර්ලා
අපි ස ගත්තා ස රී ගත්තා ගා ගත්තා හා ගත්තා
ණය ගත්තා නා ගත්තා රී ගත්තා ගා ගත්තා

හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි
හෙට බිහිවන නායකයොත් පුංචි අපි තමයි
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි

අපි ස ගත්තා ස රී ගත්තා ගා ගත්තා හා ගත්තා

භවලත් බයිටොයි ජෙපි ගොට්ටන් හට බෙදුනද එක එක හැන්ද

රටේම නිධන් ගලට දුන්නද සිට යනකන් අඩ නින්ද

සයි ෆයි කතන්දරේකද තිබුනේ නැති සුන්දර රට වින්ද

රකින්ට නැගිට ගෙන හටනෙ වැටුන ලිං කටින වර ගොඩ හින්ද

සරුවට සාර කෙතෙන් කාගෙන හිටි එවුනුත් සංකාවේ ලංකාවේ

දරුවට පාර වහං මරු විකල්ලෙ මහ උන් මහපාරේ

නාටක පෙන්න හාරගෙන නිදාන දාගෙන හැදු සඳහිරු වේරේ

පාටක සාටක ඔතාන උරාන බිව්වනෙ රට සාරේ

අවුරුදු 20ක් විභාග ලිව්වය නම්බුව වහගන්න වලංගුය

ලොකු ලොක්කට දුක පුන්නෝතින් සුදුස්සගේ වෘත්තිය අවලංගුය

පීඩිත සාගත පන්තිය බැස්සෝතින් පාරට වැදුනා උන්ඩය

යුක්තිය හැංගිය ඇඳගෙන ජංගිය ලස්සන කාලය අපගේ පිච්චුන අනංග අංගය

කාලේ සුනංගුය වැටුනේ විලංගුය වැටුනේ විලංගුය

හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි
හෙට බිහිවන නායකයොත් පුංචි අපි තමයි
අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි
අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි

අපි ස ගත්තා ස රී ගත්තා ගා ගත්තා හා ගත්තා

අද දවසේ වීරයෝ වෙන්නෙ අපි තමයි
අද විඳවන අපේ රටට ඉන්නෙ අපි තමයි
හදවතින් අපි මව් බිමේ හීන මවනවයි
රට හදනවා අපි දිනනවා රටට ආදරෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heta Dawase Wirayo Song Lyrics - හෙට දවසේ වීරයෝ ගීතයේ පද පෙළ Heta Dawase Wirayo Song Lyrics - හෙට දවසේ වීරයෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2022 Rating: 5

0 comments:

Post a Comment