Nil Mahanel Bari Kiya Song Lyrics - නිල් මහනෙල් බරයි කියා ගීතයේ පද පෙළ

Nil Mahanel Bari Kiya Song Lyrics - නිල් මහනෙල් බරයි කියා ගීතයේ පද පෙළ
Song Title : Nil Mahanel Bari Kiya (නිල් මහනෙල් බරයි කියා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

දුඹුළු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන්ගෙයි ඇවිලුන දුම් නොනඟින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

තබා දෙතොල ඉඳිකටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වල

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Mahanel Bari Kiya Song Lyrics - නිල් මහනෙල් බරයි කියා ගීතයේ පද පෙළ Nil Mahanel Bari Kiya Song Lyrics - නිල් මහනෙල් බරයි කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment