Mata Mawak Lesin Song Lyrics - මට මවක් ලෙසින් ගීතයේ පද පෙළ

Mata Mawak Lesin Song Lyrics - මට මවක් ලෙසින් ගීතයේ පද පෙළ

Mata Mawak Lesin Song Lyrics - මට මවක් ලෙසින් ගීතයේ පද පෙළ
Song Title : Mata Mawak Lesin (මට මවක් ලෙසින්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ සෝමසිරි මැදගෙදර
පද රචනය : ඩිෂාන් නානායක්කාර
තනුව හා සංගීතය : සෝමසිරි මැදගෙදර


මට මවක් ලෙසින් ආදරේ කළ හැකි නම්
මට පියෙක් වගේ උවටැන් දීමට හැකිනම්
නැඟනියක් වගේ ජීවිතේ දිය හැකි නම්
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

අනන්ත කරදර දිවි ගමනේ
තරණය කළ යුතුද කී දොහේ //
පතනා ලොව වුව සිහිනයකී
පලා යාම විසඳුමක් නොවේ
වටහා ගතහොත් දිවිය අපේ
බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

තහනම් සිතිවිලි යුග දිවියේ
දමනය කළ යුතු බව දනිමී //
පතනා සැනසුම මිරිඟුවකී
සමාවෙන්න මට වරද මගේ
දුක පවසන්නට කෙනෙකු ඇති
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල්

බිරිඳ ඔබයි මගේ ජීවිතේ ඇති කල්
දෙවිඳු ඔබයි මගේ ජීවිතේ හැම කල් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Mawak Lesin Song Lyrics - මට මවක් ලෙසින් ගීතයේ පද පෙළ Mata Mawak Lesin Song Lyrics - මට මවක් ලෙසින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2022 Rating: 5

0 comments:

Post a Comment