Me Pahan Raya Song Lyrics - මේ පහන් රැය ගීතයේ පද පෙළ

Me Pahan Raya Song Lyrics - මේ පහන් රැය ගීතයේ පද පෙළ
Song Title : Me Pahan Raya (මේ පහන් රැය)
ගායනය : ආනන්ද ගුණසේකර
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


මේ පහන් රැය සීතලයි
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි
මා සිතුම් සසලයි //

මුවරදින් පිරි මල් තලා එන
මද පවන සුවඳයි
පිපි ලවන් යුග මදහසින් නැගි
රස හැඟුම් මියුරුයි
රස හැඟුම් මියුරුයි

මේ පහන් රැය සීතලයි
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි
මා සිතුම් සසලයි

තුරු හිසින් නැගි සඳ රැහැන් මැද
අපේ ලොව නිසලයි
පහන් නොවෙනා මේ පහන් රෑ
නිසල බව සසලයි
නිසල බව සසලයි

මේ පහන් රැය සීතලයි
නිසසලයි අඳුරුයි
ඈ නුවන් දැල්වී නිවී යයි
මා සිතුම් සසලයි
මා සිතුම් සසලයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Pahan Raya Song Lyrics - මේ පහන් රැය ගීතයේ පද පෙළ Me Pahan Raya Song Lyrics - මේ පහන් රැය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment