Dedunna Sedi Song Lyrics - දේදුන්න සේදී ගීතයේ පද පෙළ

Dedunna Sedi Song Lyrics - දේදුන්න සේදී ගීතයේ පද පෙළ
Song Title : Dedunna Sedi (දේදුන්න සේදී)
ගායනය : භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන්, ආශා බොස්ලේ
සංගීතය : භාතිය ජයකොඩි
ගී පද : නිලාර් එන්. කාසිම්


දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා

බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා නොකියා ගියේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා

මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ හද ගී මකා

නොසිතූ සේ...
ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ
සුහදේ...
නොපැතූ සේ...
යායුතු වේ මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ…

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා

ලා නීල වැල්ලේ වැව් තාවුලේදී
දිවුරා හදින් ඈ බහ දුන් නිසා
දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ
දොරේ ගැලූ දා බැඳි ආදරේ

තනි වූ දා...
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ
රහසේ…
නොපැතූ දා...
මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ..
තරු ඇස් වැසේ...

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා

බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා නොකියා ගියේ

දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dedunna Sedi Song Lyrics - දේදුන්න සේදී ගීතයේ පද පෙළ Dedunna Sedi Song Lyrics - දේදුන්න සේදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment