දවසේ වැදගත්කම - අප්‍රේල් 17 ලෝක හිමොෆීලියා දිනය (Significance Of The Day - April 17 World Hemophilia Day)

දවසේ වැදගත්කම - අප්‍රේල් 17 ලෝක හිමොෆීලියා දිනය (Significance Of The Day - April 17 World Hemophilia Day) - Your Choice Way

ලෝකය පුරා විවිධාකාර රෝගයන් පවතී. බෝ වන රෝග බෝ නොවන රෝග ලෙස ඒවා අපට හදුනාගත හැකිය.  කෙනෙක්ගෙන් තවත් අයෙක්හට වැළදෙන රෝග බෝවන රෝග ලෙසයත් (උණ , සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස ආදිය) එලෙස එක් අයෙක්ගෙන් තවත් අයෙක් හට බෝ  නොවන (දියවැඩියාව,අධිරුධිර පීඩනය,හෘ‍ර්දයාබාධ) රෝග බෝ නොවන රෝග ලෙසත් හදුනාගත හැකි වන්නේ ය.

අද සමාජය තුල පරම්පරාගතව පැමිණෙන්නා වූ රෝගාබාධයන්ද පවතී.හිමොෆීලියා යනු එවන් රෝගී තත්ත්වයකි. හිමොෆීලියා යනු රුධිරයේ කැටිගැසීම් පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සීමාකරන  ආබාධයක් වන අතර මෙය පරම්පරාගත රෝගයක් වේ.එය පිරිමින්ට පමණක් බලපානු ලබන අතර කාන්තාවන් දෝෂ සහිත ජාන වාහකයන් ලෙස කටයුතු කරන බවද හදුනාගෙන තිබේ.

හිමොෆීලියා රෝගය පිලිබදව පොදු මහජනතාව දැනුම්වත් කිරීම අරමුණු කොටගෙන ලෝක හිමොෆීලියා දිනය අප්‍රේල් 17 දින සංකේතවත් කරනු ලබයි.හිමොෆීලියා දිනය යනු හිමොෆීලියා සහ අනෙකුත් ලේ ගැලීම් ආබාධ සදහා ජාත්‍යන්තර දැනුවත් කිරීමේ දිනයකි.එය ජාත්‍යන්තරව පවත්වනු ලබන්නේ ලෝක හිමොෆීලියා සංගමයේ නිර්මාතෘ ෆ්‍රෑන්ක් ෂ්නබෙල්ගේ උපන් දිනය දාය.මෙහිදී මූලිකවම අවධානය ලබා දෙන්නේ පොදු මහජනතාට මේ පිලිබද අවබෝධයක් ලබා දීමයි.

මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාව තුළ දුර්ලභ රෝගයක් වශයෙන් සැලකෙන අතර හිමොෆීලියා රෝගීන් හදුනාගැනීම සදහා ඔවුන් වෙත විශේෂ ඉලෙක්ට්‍රෝන හැදුනුම්පත් නිකුත් කිරීමටද රජය තීරණය කර තිබෙන බව ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබේ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - අප්‍රේල් 17 ලෝක හිමොෆීලියා දිනය (Significance Of The Day - April 17 World Hemophilia Day) දවසේ වැදගත්කම - අප්‍රේල් 17 ලෝක හිමොෆීලියා දිනය (Significance Of The Day - April 17 World Hemophilia Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment