මහ රෑ දොල ලග රෙදි හෝදපු රූමතිය (Women)

මහ රෑ දොල ලග රෙදි හෝදපු රූමතිය (Women) - Your Choice Way

මේක අපේ සර් කෙනෙකුට උන ඇත්තම සිදු වීමක්.සර් කැම්පස් එකේ ඉදලා කාලෙකට පස්සෙ ගෙදර ආවට පස්සෙ උන සිද්දිය.සර්ගෙ ගම අරනගන්විල පැත්තෙ තිබුනු දුශ්කර එකක්.මේක මගෙ අත්දැකීමක් විදියට කියන්නම් එතකොට ඔයාලගෙ රසවින්දනය තවත් ටිකක් හරි වැඩි කර ගන්න පුලුවන් වෙයි.

කාලයක් තිස්සෙ නගරෙටම හුරු වෙලා හිටිය මට ගම නුහුරු නුපුරුදු එකක් වෙලා කියලා හිතුනේ ගමට අඩිය තියපු ගමන්මයි.මං ඉතිං වට පිට බල බල ගුරු පාර දිගේ ගෙදර යනකොට අප්පච්චි බංකුව උඩට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා.මම යනකොට හවස 2ට විතර ඇති ගිනි ගහන මද්දහනේ.ගෙදර ගිහින් නාලා කන ගමන් අම්මලත් එක්ක චූටි කතාවකුත් දාගෙන ඉදලා කාමරේට ගියා චූටි ඇලට් එකක් දාන්න.

එක පාරම අප්පච්චි කතා කරලා කිව්වා පුතේ අද රෑට හේනට ගිහින් හේන පොඩ්ඩක් බලා ගනින්කො මට කකුල් අමාරුවක් හැදිලා තියෙන්නෙ කියලා.කැම්පස් ගියාට මට මේ දේවල් නුපුරුදු දේවල් නෙමේ.ඔහොම ඉදලා හවස 7ට විතර අම්මා මල්ලක් දුන්නා ඒකෙ තිබ්බෙ කෑම එකකුයි,වතුර බෝතලේකුයි, ටෝච් එකකුයි.හදිස්සියට වෙලාවක්වත් බලා ගන්න කියලා මං අතේ බදින ඔරලෝසුවත් ගත්තා.මං දැං මේ මල්ලත් අරන් ලං තෑරුම් එලි පත්තු වෙන ගෙවල් මැද්දෙන් පුස් බයිසිකලේම හේනට යනවා.හේන තියෙන්නෙ ගම කෙලවරේ මහා ඉලුක් ගාලක කොනට වෙන්න.ඒ පැතත්ට යනකොටනම් මහා මූසල ගතියක් දැනෙන්නෙ පාලුවට ගිහින් තියෙන්නෙ පැත්තම මං කාලෙකින් ආපු නිසා ඒක තදින්ම මට දැනුනා.

මං හේන මැදින් තියන චූටි අඩි පාරෙ ගීං ගහ උඩ තියන පැලට ගොඩ උනා.ඒ වෙනකොට වෙලාව රෑ 8 ට ඇති.මං පැලට නැගලා ඒ ලගින් යන දොල පාර දිහා ටික වෙලාවක් බලන් හිටියා.ඒ එක්කම බඩගින්නක් ආපු නිසා කෑම එකත් මල්ලෙන් අරන් කාලා දැම්මා.කාලා ඉවර වෙලා චුට්ටක් ඇහැ පියා ගත්තා.දන්නෙම නෑ ඇගේ තෙහෙට්ටුව නිසාම හොදට නින්ද ගිහින්.එක පාරටම ඇහැරුනේ පැත්තෙම තිබ්බ මූසල ගතිය දෙගුන තෙගුන කරපු බල්ලෙක්ගෙ උඩ බිරිල්ලක් ඇහුනු නිසයි.

ඒ එක්කම චිටිස් චිටිස් ගාලා දිරපු කෝටු කෑලි උඩ ඇවිදින සද්දයක් ඇහෙන්න ගත්තා.සතෙක් කියලා හිතලා ඒ පැත්තට ටෝච් එක ගහලා බැලුවට මෙලෝ යකෙක් නෑ.අවුලක් නැති නිසා ආය චුට්ටක් ඇස් පියා ගන්න කියලා හිතලා ඇල උනා විතරයි දොල පැත්තෙන් රෙදි ගලේ ගහන සද්දයක් ඇහෙන්න ගත්තා.වෙලාව බලනකොට 11 35යි.මේ යක්කු ගස් නගින වෙලා රෙදි හෝදන්නෙ කවුද කියලා බලන්න මං පැලෙන් බැහැලා දොල ගාවට කිට්ටු කරා.හද එලියත් තිබ්බ නිසා පැහැදිලිව පේනවා හැමදේම වගේ.දොල ලගට යනකොට අවුරුදු 30ක විතර ගෑනු කෙනෙක් රෙදි හෝදනවා.

මට පුදුමයි මේ මහා රෑ රෙදි හෝදන්නෙ ඇයි කියලා.මං ලගට ගීං උගුර පෑදුවත් ගානක්වත් නෑ.බිම බලන් රෙදි හෝදනවා.මමම කතව පටන් ගන්නවා කියලා හිතලා ඇහුවා අක්කා මොකෝ මේ අවේලාවෙ දොල ලගට ඇවිත් කියලා.කුඹුරට ගියා වතුර හරවන්න දැං මේ එන ගමන් කිව්වා.ඒ කට හඩේ තිබ්බ බර ගතිය නිසා මට හිතුනා මේ ගෑනු කෙනෙක්මද කියලා ඒ තරම් ඒ කට හඩ ගැබුරුයි.වෙන මොකුත් අහන්නෙ නැතුවම මං පැලට යන්න ගියා.පැලට නගින්න ඉනි මගට අඩිය තියනවත් එක්කම මහා හූ හඩකුයි ඔරලෝසුවේ දොලහෙ කනිසමයි වදින්න ගත්තා.ඇග හිරි වැටිලා ගියා ඒ සද්දෙට.මට එක පාරම මතක් උනේ අර දොල ලග හිටිය අක්කව.

මම දුවගෙන ඒ පැත්තට ගියා.යනකොට ඒ අක්කා දොලේ එහා පැත්තට වෙලා සුදු ගවුමකුත් ඇදගෙන කොන්ඩෙ කඩා දාගෙන ඇන කුටු ගහගෙන එකම විදියටට ඇස් පිල්ලමක්වත් නොගහා දොල පාර දිහ බලන් ඉන්නවා හද එලියත් මූනට වැටිලා තියන නිසා මූන හොදට පේනවා.ඒ අර රෙදි හෝදපු අක්කම තමා ඒත් මූන වියටු වැටිලා තිබ්බෙ.මං ඒම්ම පැලට ගීං ඇස් දෙක හොදට වහන් ගුලි වෙලා නිදාගත්තා.උදේම ගෙදර යනකොට ගහක වේයෝ කාලා ඉරිලා ගිය මරන දන්වීමක් තිබ්බා.චුට්ටක් මූන හුරුවට තිබ්බ නිසා බැලුවා කිට්‍ටු කරලා.බලනකොටයි දෙලෝ රත් උනේ මේ අර මහ රෑ දොල් ලග රෙදි හෝදපු ගෑනු කෙනා නේද කියලා මට එක පාරම මතක් උනා.ඉක්මනට ගෙදරට ගියා.ගිහින් අම්මට විස්තරේ කිව්වා.

ඊට පස්සෙ තමා අම්මා කිව්වෙ එහා ගමේ ගෑනු කෙනෙක් රෑ කුඹුරෙ වතුර හරවලා ඇවිත් දොල ලග නානකොට වතුරෙ ගිලිලා නැති උනා ඊයෙ රෑ තමා තුම් මාසෙ බණ කියල.මට දාඩියක් දාලා ගියා.තාත්ටා ඇවිත් පිරිත් නූලක් බැන්දා.එදයින් එදා ආය රෑට හේන පැත්තෙ ගියෙ නෑ.රෑ ගමනුත් බාගෙට බාගයක්ම අඩු කරා.හොල්මන් අවතාර ගැන ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙන ආයෙත් මං කැම්පස් එකට ආවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහ රෑ දොල ලග රෙදි හෝදපු රූමතිය (Women) මහ රෑ දොල ලග රෙදි හෝදපු රූමතිය (Women) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2022 Rating: 5

0 comments:

Post a Comment