Hitha Maha Puduma Thanak Song Lyrics - හිත මහ පුදුම තැනක් ගීතයේ පද පෙළ

Hitha Maha Puduma Thanak Song Lyrics - හිත මහ පුදුම තැනක් ගීතයේ පද පෙළ
Song Title : Hitha Maha Puduma Thanak (හිත මහ පුදුම තැනක්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : එච්.එම්. ජයවර්ධන


හිත මහ පුදුම තැනක්
දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක්
විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්
හිත මහ පුදුම තැනක්

නවතින්නැයි කී විට හිත නිනව් නැතිව දුවනවා
ඉක්මණ රිසි වූවිට හිත නැවතුණ තැන ඉන්නවා
ලද දේ ඉවත හෙළන නොලැබෙන දේම යදින
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

හිත මහ පුදුම තැනක්
දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක්
විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්
හිත මහ පුදුම තැනක්

අනුන් ළඟම දැවටී හිත ඉතින් මවෙත රැඳෙනවා
අසරණවූ දා වෙන්වී මදෙස බලා ඉන්නවා
හිතකට හිමිදේ හැර අන් හැමදේම හිතන
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා
හිත හිත් පිත් නැති ලෙස මට දඬුවම් කරණවා

හිත මහ පුදුම තැනක්
දිදුලන මහරු මිණක්
හසරැල් වතල වතක්
විටෙකදි නොනිම් දුකක්
හිත මහ පුදුම තැනක්
හිත මහ පුදුම තැනක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Maha Puduma Thanak Song Lyrics - හිත මහ පුදුම තැනක් ගීතයේ පද පෙළ Hitha Maha Puduma Thanak Song Lyrics - හිත මහ පුදුම තැනක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment