Mage Sihinaya Song Lyrics - මගෙ සිහිනය ගීතයේ පද පෙළ

Mage Sihinaya Song Lyrics - මගෙ සිහිනය ගීතයේ පද පෙළ
Song Title : Mage Sihinaya (මගෙ සිහිනය)
ගායනය : විශාරද නන්දා මාලිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සරත් දසනායක


මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න //

සඳැස් විදා මොනරු නටති මේඝ වලා පාවේ
බලා වැලෙන් ගෙලේ වැටේ මලිගිය මල් මාලේ
සහගුම් බිඟු පේළි සැදී නඟත මධුර නාදේ
මල් ගොමු තුළ නිල් පලු දල යහන් නිබඳ සෑදේ

මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න

ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වේ දෙනුවන් මිණි පානේ
ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් හඳපානේ

මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න
ළං නොවන්න ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sihinaya Song Lyrics - මගෙ සිහිනය ගීතයේ පද පෙළ Mage Sihinaya Song Lyrics - මගෙ සිහිනය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment