Manali Song Lyrics - මනාලි ගීතයේ පද පෙළ

Manali Song Lyrics - මනාලි ගීතයේ පද පෙළ
Song Title : Manali (මනාලි)
Artist : Windy Goonatillake ft Sanuka Wickramasinghe
Music : Sanuka Wickramasinghe
Lyrics : Sanuka Wickramasinghe


වීදුරු මල් කකුලෙන් තලන්නෙපා
ආල වදන් බේගල් කරන්නෙපා
සුපෙම් හැඟුම් හංගා බලන්නෙපා
මා දිහා
මිණිමුතු රන් ගෙල පළඳනා එපා
මන්දිරයන් ලොකු මාළිගා එපා
නුඹ නැති නම් වෙන කවුරුවත් එපා
මට එපා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

ඔය ඇස්.. නිසඳැස්.. ලියවයි
ආලෙත් වගෙයි කැස්සක්
ලොවෙත් හංගන්න බෑ නෑනේ බැස්මක්
දෙන්නේ වටකරං හාදු වැස්සක්
කෙල්ලේ
නුඹෙ හද ගැස්මත් ඇති
පුසුඹයි නුඹේ හුස්මත්
කිණිස්සක් උඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට
කෑදරයි තමයි
අපි දෙන්නා නරක ළමයි
හැංගි හැංගි ආලේ බැන්දා තමයි
දැන්නම් තවත් ඉන්න බෑ ඈතින් ඔයාට
අද හෙටම බඳිම් කරකාරයි
මගේ හිත නුඹ හට භාරයි
කෙල්ලේ නුඹ හරිම හැඩකාරයි
ළඟම ඉද්දි ජීවිතේ සරුසාරයි
මාරයි ආහ්
ආදර හීන ලෝකේ මාළිගා තනා
තාලෙට ප්‍රේම ලෝකේ තාන තම්දෙනා
කෙල්ලේ අපි නටමු
මේ පෙම් ගීයම ගයමු
ආයෙත් ආයෙත් හැම භවයෙකම හම්බෙමු
අතින් අත පටලමු
හැම හීනෙම එකට දකිමු ආහ්

හිමාලයේ කඳු පේළියෙන් එහා
පරිස්සමෙන් සඟවා තබා තියා
රැකගත් ඒ මගෙ හිත සොරා ගෙනා කුමාරයා
සත්සයුරේ දිය කන්දටත් වඩා
ආදරේ මං මුළු ලෝකෙටත් වඩා
මගේ හදේ තනි අයිතිකාරයා නුඹ තමා

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

නුඹයි මාගේ
මුළු ජීවිතේම හීන පෙම් පුරාණේ
තැනු මාළිගාව ආදරෙන් පිරේවී
මතු සෑමදාක මා නුඹේ මනාලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manali Song Lyrics - මනාලි ගීතයේ පද පෙළ Manali Song Lyrics - මනාලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment