Hise Gini Awilethe Song Lyrics - හිසේ ගිනි ඇවිලෙතේ ගීතයේ පද පෙළ

Hise Gini Awilethe Song Lyrics - හිසේ ගිනි ඇවිලෙතේ ගීතයේ පද පෙළ
Song Title : Hise Gini Awilethe (හිසේ ගිනි ඇවිලෙතේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක
1977 දී තිරගතවූ "ශ්‍රී මධාරා" චිත්‍රපටියේ ගීයකි.
මේ ගීය පසු කලෙක "සුනිල් - මාලිනී යුරෝපයේදී" (1985) කැසට් පටයට ඇතුළත් වුණා.


හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ //

කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා
ඒ ඉවුරේ මෙසේ
ඒ ඉවුරේ මෙසේ
ලොවේ අය දිව යතේ

හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ

යුගෙන් යුගේ අත් වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී
නෑ නිවුණේ සදා
නෑ නිවුණේ සදා
මිනිස් කම මෙදියතේ

හිසේ ගිනි ඇවිලෙතේ
පසේ බුදුවරු නැතේ
ඇසේ තෙත ඇත හිතේ
පිසින්නේ කවුරුදෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hise Gini Awilethe Song Lyrics - හිසේ ගිනි ඇවිලෙතේ ගීතයේ පද පෙළ Hise Gini Awilethe Song Lyrics - හිසේ ගිනි ඇවිලෙතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment