Hidiwe Kothanaka Ho Song Lyrics - හිඳීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ

Hidiwe Kothanaka Ho Song Lyrics - හිඳීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ
Song Title : Hidiwe Kothanaka Ho (හිඳීවි කොතැනක හෝ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙම ගීය 1996 දී “රෝස කුසුමක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.2006 වසරේදී සින්ග්ලංකා නිෂ්පාදනයක්වූ “පිණිබර මලක්” සංයුක්ත තැටි ත්‍රිත්වයේ දී (කුලරත්න ආරියවංශගේ 30 වසරක ගී) මේ ගීතයත් ඇතුළත් වුණා.


හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින් //

ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී //
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ළඟාවී
නුඹ විඳි අඳුර නිවාවී

හිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hidiwe Kothanaka Ho Song Lyrics - හිඳීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ Hidiwe Kothanaka Ho Song Lyrics - හිඳීවි කොතැනක හෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment