Hada Parana Rudu Wedanawan Song Lyrics - හද පාරණා රුදු වේදනාවන් ගීතයේ පද පෙළ

Hada Parana Rudu Wedanawan Song Lyrics - හද පාරණා රුදු වේදනාවන් ගීතයේ පද පෙළ
Song Title : Hada Parana Rudu Wedanawan (හද පාරණා රුදු වේදනාවන්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : සරත් ද අල්විස්
මෙම ගීය දොරට වැඩියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින්. 1981 දී "චන්ද්‍ර මඬල" කැසට් පටයටත්, 2001 දී සින්ග්ලංකා "නෑසෙන ගී රස 2" සංයුක්ත තැටිය හා කැසට් පටයටත්, ඇතුළත් වුණා.


හද පාරණා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින් //

තනිව නැගෙද්දී පෙරට ඇදෙද්දී
මාවත අවුරණ ලොවක මෙසේ //
තනිවූ දෙපයින් ජීවිතයේ
බාධක දිනන්නෙමි

හද පාරණා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින්

පහර වදිද්දී සැවොම රිදුම් දී
ඒ සිත හඬවන ලොවක මෙසේ //
තනිවූ දෑසින් යායුතු වූ
මාවත දකින්නෙමි

හද පාරණා රුදු වේදනාවන්
කුරිරු වූ ලෝකෙන්
නැගෙනා පැයේ නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Parana Rudu Wedanawan Song Lyrics - හද පාරණා රුදු වේදනාවන් ගීතයේ පද පෙළ Hada Parana Rudu Wedanawan Song Lyrics - හද පාරණා රුදු වේදනාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2022 Rating: 5

0 comments:

Post a Comment