Gaga Thawama Galayi Song Lyrics - ගඟ තවම ගලයි ගීතයේ පද පෙළ

Gaga Thawama Galayi Song Lyrics - ගඟ තවම ගලයි ගීතයේ පද පෙළ
Song Title : Gaga Thawama Galayi (ගඟ තවම ගලයි)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : රංජිත් රූපසිංහ
තනුව : නාලක අංජන කුමාර
2011 වසරේදී නිකුත්වූ “මල් වැහි පොද” සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.


ගඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි
සිත් දෑළවරින් ඈතටම ඇදෙයි

මහ වැස්ස වැටී ගඟ දිය කැළඹෙයි
ගං ඉවුරු නුහුරු රිදුමකින් සැලෙයි
ගඟ ඔහොම තමයි
එකතැන නොරැඳෙයි
ඔය හදේ රැඳුනු ආදරය වගෙයි

කඳු යාය නිලෙන් නිල් අහස වසයි
ගං දියෙන් වැසී හිත තවම බරයි
කඳු පෙළ නිසලයි
කිසිදා නොසැලෙයි
මා ඔබට පිදූ ආදරය වගෙයි

ගඟ තවම ගලයි
ගං දෑල නිසසලව බලා හිඳියි
ඔබ ගඟක් වගෙයි
සිත් දෑළවරින් ඈතටම ඇදෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaga Thawama Galayi Song Lyrics - ගඟ තවම ගලයි ගීතයේ පද පෙළ Gaga Thawama Galayi Song Lyrics - ගඟ තවම ගලයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment