Gagana Sarana Minisune Song Lyrics - ගගන සරණා මිනිසුනේ ගීතයේ පද පෙළ

Gagana Sarana Minisune Song Lyrics - ගගන සරණා මිනිසුනේ ගීතයේ පද පෙළ
Song Title : Gagana Sarana Minisune (ගගන සරණා මිනිසුනේ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ගගන සරණා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන් වැලපෙනා බිම
සොයා තුරු සෙවණක්

ගතින් සියොළඟ වසා සිහිලස දී
නිවා කුසගිනි නැවුම් රස ඵල දී
මවු ගුණෙන් දරු සෙනෙහසින් පේවී
මිනිසුනේ
ඒ වන අරණ ඔබ නමින් දිවි පිදුවේ

නැගෙයි කුසගිනි පුරන් වූ කුඹුරින්
ගලයි ලෝදිය බිඳුණු වැව් බැම්මෙන්
හඬන්නටවත් තෙතක් නැති දෑසින්
මිනිසුනේ
මේ බලන් මිහිතල හැරගියා දෙවියන්

ගගන සරණා සියොතුනේ
සොයා තුරු සෙවණක්
බලන් මිනිසුන් වැලපෙනා
බලන් මිනිසුන් වැලපෙනා බිම
පතා දිය කඳුළක්

ගගන සරණා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන් වැලපෙනා බිම
සොයා තුරු සෙවණක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gagana Sarana Minisune Song Lyrics - ගගන සරණා මිනිසුනේ ගීතයේ පද පෙළ Gagana Sarana Minisune Song Lyrics - ගගන සරණා මිනිසුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment