Dama Giya Maga Song Lyrics - දමා ගිය මඟ ගීතයේ පද පෙළ

Dama Giya Maga Song Lyrics - දමා ගිය මඟ ගීතයේ පද පෙළ
Song Title : Dama Giya Maga (දමා ගිය මඟ)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


දමා ගිය මඟ
සොයා ආ ඔබ
කොහේදෝ සිට ළංවෙමින්
පෙළූ හදවත
සුසුම් අතරේ
හිඳී සුපුරුදු සිනාවෙන්
බිඳී විසිරුණු සිහිනයේ

ගඟක් වී ගැලුවා එදා ඔබ
නිසරු සිත්බිම සරු කළා
කිරි වැදී ආ සුවඳ ඇල්කෙත
ඔබම සැහැසිව අළු කළා
ගිනි මලක් වී සැඟවිලා

දමා ගිය මඟ
සොයා ආ ඔබ
කොහේදෝ සිට ළංවෙමින්
පෙළූ හදවත
සුසුම් අතරේ
හිඳී සුපුරුදු සිනාවෙන්
බිඳී විසිරුණු සිහිනයේ

සඳක් වී සැඟවී ගියා සේ
පහන් පින් බිම හැරදමා
පෙම් පුරාණය සිඳ දමා ඔබ
කින්නරා වත නිම කළා
තුම් සිතින් පියමං වෙලා

දමා ගිය මඟ
සොයා ආ ඔබ
කොහේදෝ සිට ළංවෙමින්
පෙළූ හදවත
සුසුම් අතරේ
හිඳී සුපුරුදු සිනාවෙන්
බිඳී විසිරුණු සිහිනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dama Giya Maga Song Lyrics - දමා ගිය මඟ ගීතයේ පද පෙළ Dama Giya Maga Song Lyrics - දමා ගිය මඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 25, 2022 Rating: 5

0 comments:

Post a Comment