Thakkita Tharikita Song Lyrics - තක්කිට තරිකිට ගීතයේ පද පෙළ

Thakkita Tharikita Song Lyrics - තක්කිට තරිකිට ගීතයේ පද පෙළ
Song Title : Thakkita Tharikita (තක්කිට තරිකිට)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස
1971 තිරගතවූ "රන් ඔන්චිල්ලා" චිත්‍රපටියෙන්


තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

අනඟ බැල්මකින් බල බල
පා බැඳි කිංකිණි සල සල
සලිත ලලිත නියදි මවා නටපන් නෑනෝ
නටපන් නෑනෝ

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

රතට රතේ දෙතොල රඳන
උකුළු මුකුළු කැකුළු පෙරණ
දකින දකින නයන බඳින මොණර කිකිළියේ
මොණර කිකිළියේ

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

පැද්දෙන පෙරළෙන නැටුමට නිගා දෙවයි හැඩ සුරලට
මෙහෙම රැඟුම් තියෙන ලොවක රස කලතනවා
රස කලතනවා

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට හැඩදෙන් නෑනෝ
හැඩදෙන් නෑනෝ

තෝඩු යුවල සොළව සොළව
දෙබැම රුවට නළව නළව
ගොළු බසකින් කියන රහස හැඟුම් මවනවා
හැඟුම් මවනවා

තක්කිට තරිකිට පදයට නටපන් නෑනෝ
නටපන් නෑනෝ
පද්දන ගස්සන උකුළට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thakkita Tharikita Song Lyrics - තක්කිට තරිකිට ගීතයේ පද පෙළ Thakkita Tharikita Song Lyrics - තක්කිට තරිකිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment