තම පැහැරගත් මුනුබුරා වෙනුවෙන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කළ ලෝකයේ ධනවත්ම මිනිසා - ජෝන් පෝල් ගෙටී (John Paul Getty)

තම පැහැරගත් මුනුබුරා වෙනුවෙන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කළ ලෝකයේ ධනවත්ම මිනිසා - ජෝන් පෝල් ගෙටී (John Paul Getty) - Your Choice Way

සමහර ප්‍රකෝටිපතියන් විවිධ වර්ගයේ චරිත ලක්ෂණ වලට උරුමකම් කියන පුද්ගලයන් ලෙස සලකනු ලබන අතර එයට හේතුව ඔවුන් වෙනත් ඕනෑම දෙයකට හා වෙනත් ඕනෑම කෙනෙකුට වඩා මුදල් වලට ආදරය කිරීමයි. ඔවුන්ට මුදල් යනු ඔවුන්ගේ ජීවිතයේ ඇති අන් සෑම දේටම වඩා වැදගත් මුලිකාංගයයි. 1960 ගණන්වල පෘථිවියේ ධනවත්ම මිනිසා වූ ජෝන් පෝල් ගෙටීටද (John Paul Getty) මෙවැනි පෞරුෂයක් අදාල වේ.

ගෙටී යනු ඊට පෙර වසර 80 ක කාලය තුළ ඉතා වර්ධනය වූ පෙට්‍රල් කෙරෙහි තිබූ ඉල්ලුමෙන්, 20 වන සියවස ආරම්භයේදී වාසි ලබා ගත් පළමු පෙට්‍රල් කර්මාන්තකරුවන්ගෙන් කෙනෙකි. පෙට්‍රල් වෙළඳාම ඔහුව ඉහළටම රැගෙන ගිය අතර 1960 දශකය වන විට ගෙටි ඩොලර් බිලියන 4 ක ධනයක් සහිතව එවකට ලොව ජීවත්ව සිටින ධනවත්ම පුද්ගලයා ලෙස වර්ගීකරණය කරන ලදි. (එහි වර්තමාන අගය ඩොලර් බිලියන 30 ක් පමණ වනු ඇත)

එහෙත් 1970 දශකය ආරම්භය වන විට ගෙටිගේ සෞඛ්‍යය තත්වය නරක අතට හැරෙමින් තිබූ අතර ඔහු ලෝකයේ හොඳම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය. එහෙත් අවසානයේ ඔහුට තේරුම් ගියේ වයසට යාම යනු ඖෂධ නොමැති රෝගයක් බවයි. ඒ නිසා ඔහුට පැනනැගුණු ඊළග ගැටළුව නම් තම ධනය ලබා දෙන්නේ කාටද යන්නයි. අවසානයේ ඔහු තීරණය කලේ ඔහුගේ මුණුබුරකු වන ජෝන් පෝල් ගෙටි III ඒවා ලබා දීමටයි. (දෙවන ජෝන් පෝල් ගෙටිගේ පුත්‍රයා)

තුන්වන ගෙටි උපත ලැබුවේ 1956 දී මිනසෝටා හි ය. එහෙත් ඔහු ළමා කාලයෙන් වැඩි කාලයක් ඉතාලියේ ජීවත් වූ අතර එහිදී ඔහු උසස් පාසලක අධ්‍යාපනය ලැබූ අතර තම සීයා මෙන් ඔහුද අධිපතියෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටියේය.  සෑම කෝටිපතියෙකුගේම පුතෙකු මෙන්ම ඔහුද ඉතා කෙළිලොල් යෞවනයෙකු බවට පත් වූ බව සදහන් වේ.

ඔහුගේ මරණයෙන් පසු ධනය ලබා ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ පළමුවන ගෙටි විසින් ගත් තීරණය ලොව පුරා මාධ්‍ය ආයතනවල අවධානයට ලක් වූ අතර ඉතා වේගයෙන් සෑම තැනකම පැතිර යන ලදී. එවකට ඉතාලියේ මාධ්‍ය විසින් තුන්වන ගෙටිව "ගෝල්ඩන් හිපි" (golden hippie) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පටන් ගත් අතර මාධ්‍යවල මෙම හැසිරීම හේතුවෙන් ඔහු වටා විශාල අවධානයක් ගොඩනැගූනි.

1973 ජුලි 10 වන දින තුන්වන ගෙටිව කිසියම් පිරිසක් පැහැර ගත් අතර ඒ ඔහු නගරය කෙළවරේ පිහිටි වෙළඳසැලකට සඟරාවක් මිලදී ගැනීම සඳහා යමින් සිටියදීය. අපරාධකරුවන්  පිරිමි ළමයාගේ හැසිරීම දින ගණනාවක් තිස්සේ අධ්‍යනය කර තිබූ අතර ඉතා සූක්ෂමව පැහැර ගැනීම සැලසුම් කර ඇත. ඔවුන් පිරිමි ළමයා දකුණු ඉතාලියේ ගුහාවකට ගෙන ගිය අතර ඊළඟ පැය 12ක කාලය තුළ ඔවුන් ඩොලර් මිලියන 17 ක  කප්පමක් ඉල්ලා ඉතාලියේ පුවත්පත් වෙත නිර්නාමික පණිවිඩයක් යවන ලදි. (එහි වර්තමාන අගය ඩොලර් මිලියන 102 ක් පමණ වනු ඇත)

තුන්වන ගෙටි ගේ පවුලේ පිරිස මින් බියට පත් වී ගිය අතර ඔවුන් වහාම පළමු ගෙටි වෙත ගොස් කප්පම ගෙවීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් මේ සියල්ල ඔහුගේ මුදල් සොරකම් කිරීමට කරන සැලසුමක කොටසක් යැයි පවසා මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන ලදී. ගෙටි වැනි ප්‍රකෝටිපතියෙකු සඳහා වුවද මිලියන 17 ක් යනු කුඩා මුදලක් නොවුවද ඔහුට එය ගෙවීමට හැකියාවක් තිබුණි. නමුත් ඔහු සිතුවේ තුන්වන ගෙටි ගේ පවුලේ අයද මෙම මුදලින් කොටසක් තබා ගනු ඇති බවයි.

පැහැරගත් අය විවිධ මාර්ග ඔස්සේ නිර්නාමිකව තර්ජන ප්‍රකාශ එවීමට පටන් ගත් අතර, ඔවුන්ට ඉක්මනින්ම මුදල් නොලැබෙන්නේ නම් ගෙටීගේ සිරුරේ කොටස් එකින් එක කපා දැමීමට පටන් ගන්නා බව ප්‍රකාශ කළහ. පවුලේ අය සහයෝගය ලබා දෙන ලෙස පළමු ගෙටිගෙන් අයැද සිටියද සමස්ත පැහැර ගැනීම ගැන තවමත් සැක සහිත බව පවසා ඔහු මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.

අවසානයේ කප්පංකරුවන්ගේ ඉවසීම අවසන් වූ අතර ඔවුන් තුන්වන ගෙටිගේ කණක් කපා ඉතාලි මාධ්‍ය ආයතනයකට යවන ලදී. මෙම පැහැර ගැනීම ඔහුගේ පවුලේ අය විසින් ඔහුගේ මුදල්වලින් යම් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා සිදු කළ ප්‍රෝඩාවක් නොවන බව මෙයින් පළමු ගෙටිට ඒත්තු ගියේය. එහෙත් එසේ වුවද ඔහු තවමත් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කරන ලදී. 

අවසානයේ තුන්වන ගෙටිගේ මව වන අබිගායිල් හැරිස්ට තනිවම මුදල් රැස් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. මෙම කාලය තුළ පවුලේ සාමාජිකයින්ට පැහැරගත් අය සමඟ පෞද්ගලිකව කතා කිරීමට හැකි වූ අතර ඔවුන් මුදල් රැස් කරන බව පැවසූ අතර නමුත් ඊට යම් කාලයක් ගතවනු ඇති බව අපරාධකරුවන්ට පවසන ලදී. මෙලෙස මාස පහක් ගත වූ පසු පැහැරගත් අය පිරිමි ළමයා ඝාතනය කිරීමට පෙර අවසන් දින නියමයක් ලබා දුන්හ. 

මෙතරම් කෙටි කාලයක් තුළ එතරම් විශාල මුදලක් රැස්කර ගැනීමට නොහැකි වූ නිසා පවුලේ අය කප්පම් මුදල ගෙවන ලෙස පළමු ගෙටිගෙන් යළි අයැදීමට පටන් ගත්හ. අවසානයේ මාස පහකට පසු, පළමු ගෙටි සහයෝගය දීමට තීරණය කළ නමුත් ඔහු මිලියන 17 ක් ගෙවීමට අකැමති විය. ඔහු පැහැරගත් අය අමතා මිල සාකච්ඡා කර මිල ඩොලර් මිලියන 2.9 දක්වා පහත දමා ගන්නා ලදී.

ගෙටි ඇත්ත වශයෙන්ම ගෙවුවේ ඩොලර් මිලියන 2.1 ක් පමණි. ඔහු ප්‍රකාශ කර සිටියේ ඔහුට බැන්කුවෙන් එවෙලේ ලබා ගැනීමට හැක්කේ එම මුදල පමණක් බවය. ඉතිරි ඩොලර් 800,000 ලබා දුන්නේ ගෙටි II (ගෙටි III ගේ පියා) විසිනි. මුදල් ලබා දීමෙන් පසු දෙවන දිනයේදී එක් කනක් රහිත තුන්වන ගෙටි යළි නිවසට පැමිණි අතර ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටින ලදී.

තුන්වන ගෙටිගේ ජීවිතය අවදානමට ලක් කරමින් ඔහුගේ මුනුබුරාගේ ජීවිතය අවසන් වීමට ඉඩක් ඇති බව දැන දැනත් පළමු ගෙටි මුදල් ගෙවීමට අකමැති වූවාට අමතරව, මිල ගැන සාකච්ඡා කිරීමටද ධෛර්යයක් තිබුණි. මෙම සිද්ධියෙන් අනතුරුව පළමු ගෙටිට බොහෝ දෝෂාරෝපණ එල්ල වූ අතර 1974 සිදු වූ සම්මුඛ සාකච්ඡාවකදී, මූල්‍ය ආධාරයෙන් මෙතරම් ප්‍රමාද වූයේ මන්දැයි ඔහුගෙන් විමසන ලදි.  ඔහුගේ ප්‍රතිචාරය වූයේ "මට තවත් මුනුබුරු මිනිබිරියන් 14 දෙනෙක් සිටින අතර මම එක් අයෙකුට කප්පම් ගෙව්වොත් අනෙක් 14 දෙනා වෙනුවෙන්ද කප්පම් ගෙවීමට මට සිදු වේ" යන්නයි. 2017 වර්ෂයේ තිරගත වූ All the Money in the World සිනමා පටය තුළින් අපට මෙම සිද්ධියේ සිනමා අත්දැකීම ලබා ගැනීමට මනා ලෙස හැකි වේ.

පළමු ගෙටි 1976 දී මිය ගිය අතර ඔහුගේ සියලු මුදල් තුන්වන ගෙටි වෙත හිමි විය. ඔහු තම මුනුපුරාට ඔහුගේ සියලු ධනය ලබා දීමට සැලසුම් කළේ නම්, පැහැරගත් අයගෙන් ඔහුව බේරා ගැනීමට කප්පම් නොගෙව්වේ මන්ද? මින් පැහැදිලි වන්නේ මුදල් යනු සමහරුන්ට මත් ද්‍රව්‍යයක් මෙන් ඇබ්බැහිකාරකයක්  විය හැකි බවයි.

තම පැහැරගත් මුනුබුරා වෙනුවෙන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කළ ලෝකයේ ධනවත්ම මිනිසා - ජෝන් පෝල් ගෙටී (John Paul Getty) - Your Choice Way
තුන්වන ජෝන් පෝල් ගෙටි

තම පැහැරගත් මුනුබුරා වෙනුවෙන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කළ ලෝකයේ ධනවත්ම මිනිසා - ජෝන් පෝල් ගෙටී (John Paul Getty) - Your Choice Way
එකල මෙම සිද්ධිය පුවත්පත් වල පලවී තිබූ අයුරු

තම පැහැරගත් මුනුබුරා වෙනුවෙන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කළ ලෝකයේ ධනවත්ම මිනිසා - ජෝන් පෝල් ගෙටී (John Paul Getty) - Your Choice Way
තෙවන ජෝන් පෝල් ගෙටි 1973 දී බේරා ගැනීමෙන් පසු එක් කනක් රහිතව
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තම පැහැරගත් මුනුබුරා වෙනුවෙන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කළ ලෝකයේ ධනවත්ම මිනිසා - ජෝන් පෝල් ගෙටී (John Paul Getty) තම පැහැරගත් මුනුබුරා වෙනුවෙන් කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කළ ලෝකයේ ධනවත්ම මිනිසා - ජෝන් පෝල් ගෙටී (John Paul Getty) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment