Thuta Kala Lewan Song Lyrics - තුට කළ ලෙවන් ගීතයේ පද පෙළ

Thuta Kala Lewan Song Lyrics - තුට කළ ලෙවන් ගීතයේ පද පෙළ
Song Title : Thuta Kala Lewan (තුට කළ ලෙවන්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ගජමන් පුවත කවි වලිනි.
තනුව : රෝහණ බැද්දගේ
දයානන්ද ගුණවර්ධනයන් ගේ ගජමන් පුවත නාට්‍යෙයනි.


තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ළෙද
ඉට කළ අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මඟුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද

උස්සා කර බැලුවෙ දුටු දා සිට නෙතට
උත්සා කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුණා වැනි ගියෙ ගේ තුළට
ඇස් වා වදිනවද දුටුවම මුහුණ මට

වතාවත් සඳෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතායුර ගමන යයි වටපිට බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා

පුන් සඳ දෝ මිදුලේ කරකැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කොළ දෝ ඔය ළමයා ගොතන්නේ
පිං මදි දෝ මා ළංකර නොගන්නේ
පිං මදි දෝ මා ළංකර නොගන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thuta Kala Lewan Song Lyrics - තුට කළ ලෙවන් ගීතයේ පද පෙළ Thuta Kala Lewan Song Lyrics - තුට කළ ලෙවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment