Sulagak Wee Man Yanawa Song Lyrics - සුළඟක් වී මං යනවා ගීතයේ පද පෙළ

Sulagak Wee Man Yanawa Song Lyrics - සුළඟක් වී මං යනවා ගීතයේ පද පෙළ
Song Title : Sulagak Wee Man Yanawa (සුළඟක් වී මං යනවා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නතාෂා පෙරේරා
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව හා සංගීතය : රෝහණ ධර්මකීර්ති


සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද ... මං අල්ලන්නේ

අහසක් සේ දූ යන මඟ
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝණී... මං රැකගන්නේ
පණ වාගෙයි මගෙ දූ.. මං රැකගන්නේ

මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මං ගලනව
ලොකු ගස් වැල් කඳු වැටි හෙම උදුරා පොළවට දමනව
අප්පච්චී කොහොමද ... මං වළකන්නේ

මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනව
ආදරයෙන් මඟ බලනවා
තුරුළට ගෙන සනසවනවා
මා ළඟ නොවැ දූ... හැමදා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නව ඇස් රතු වෙනකල් අඬනව
තුරුළට අරගෙන හිටියත් නැළවෙන් නැතුවම ඉන්නව
අප්පච්චී කොහොමද ... මං නළවන්නේ

දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬෙනව
දූගෙ කඳුළු මං ගන්නවා
දූ නැළවෙන කල් අඬනවා
මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ

සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද ... මං අල්ලන්නේ

අහසක් සේ දූ යන මඟ
පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝණී... මං රැකගන්නේ
පණ වාගෙයි මගෙ දූ.. මං රැකගන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sulagak Wee Man Yanawa Song Lyrics - සුළඟක් වී මං යනවා ගීතයේ පද පෙළ Sulagak Wee Man Yanawa Song Lyrics - සුළඟක් වී මං යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment