Sanda Diya Dewuna Se Song Lyrics - සඳ දිය දෙවුණ සේ ගීතයේ පද පෙළ

Sanda Diya Dewuna Se Song Lyrics - සඳ දිය දෙවුණ සේ ගීතයේ පද පෙළ

Sanda Diya Dewuna Se Song Lyrics - සඳ දිය දෙවුණ සේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Diya Dewuna Se (සඳ දිය දෙවුණ සේ)
ගායනය : මාලිනී බුලත්සිංහල සහ අසංක ප්‍රියමන්ත පීරිස්
පද : නිලාර් එන්. කාසිම්
තනුව : සමන්ත පෙරේරා


සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව

දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමුවී වැළපෙමු ද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස වී සඳපාන

ඒ හඳ ඇයිද දියවක වී ගොළු රෑක
දියවී ගිහින් රැඳුණේ තරු ඇස ගාව

සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව

දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමුවී වැළපෙමු ද මෙලෙසින් හැමදාම

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හළ හැකිද ගැරහුම් රළ ගාව

කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නල සේම

සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව

දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමුවී වැළපෙමු ද මෙලෙසින් හැමදාම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Diya Dewuna Se Song Lyrics - සඳ දිය දෙවුණ සේ ගීතයේ පද පෙළ Sanda Diya Dewuna Se Song Lyrics - සඳ දිය දෙවුණ සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment