කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal)

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හොඳින් පැසුණු කොස් මදුළු ටිකක්
  • ලුණු (රස අනුව)
  • හීනි කොච්චි කරල් ටිකක්
  • රතු ළූණු 
  • සුදු ළූණු බික් 5 ක්
  • ගම්මිරිස් තේ හැඳි 1
  • කරපිංචා ඉත්තක්
  • ගා ගත් පොල් 
  • දෙහි යුෂ ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මේක ඉතින් ලොකුවට විස්තර කරල ලියන්න දෙයක් නෙවෙයි හැමෝම දන්න දෙයක්. මුලින්ම කොස් මදුළු ටික සිහින්ව කපා ගන්න.(අපි මාතර කියන්නෙ දෙකට ගහල කපනවා කියල. ඒ කියන්නෙ කොස් ඇටෙත් එක්ක දෙකට කපල ගන්න එපා) කොස් ඇට ටික සුද්ද කරගෙන පොඩියට පලා ගන්න.)
  2. ♦️ දැන් හට්ටියක් අරන් ගානට වතුර දාල ලුණු ස්වල්පයක් දාල කොස් ට්ක තම්බා ගන්න.(ඕනවට වඩා වතුර වැඩි කරල චෝරු කර ගන්න එපා.) කොස් තම්බන එකත් හරියටම කරන්න ඕන. 😃 ලිපේ තිබ්බට පස්සෙ සැරින් සැරේ පොඩ්ඩක් බලන්න.මිටකින් අරන් කොහොමද තත්ත්වය කියල.
  3. ♦️ දැන් අපි කොච්චි සම්බෝලය හදමු. මේකට ගන්න ඕන හීන් කොච්චි. වෙන ඒව දැම්මට ප්‍රමිතිය ගන්න බැහැ.මම නම් මේ සම්බෝලය හදන්නෙ ඇඹරුම් ගලේ තමයි. මිරිස් ගලක් නැත්නම් ඉතින් බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න. ඒත් සම්බෝලයක් ගලේ අඹරලා ගත්තාම තමයි රස.
  4. ♦️ මුලින්ම සුදු ළූණු රතු ළූණු කරපිංචා තියල අඹරලා පස්සෙ කොච්චි කරල් ටික තියල අඹරන්න.(කොච්චි රස අනුව ගන්න) ලුණු කැට පාවිච්චි කරනවා නම් ඒ ටිකත් තියල අඹර ගන්න.
  5. ♦️ දැන් පොල් ටික දාලා ඔයාල ලුණු කුඩු නම් පාවිච්චි කරන්නේ රස අනුව එක් කරල හොඳින් අඹර ගන්න.පොල් ගනිද්දි හොඳ අළුත් පොල් අර ගන්න. පොල් කටුවට එනකන් ගා ගනිපු ඒව ගන්න එපා. 
  6. ♦️ දැන් දෙහි එකතු කරල අයේම අඹර ගන්න.🔴 (තියේනම් විතරක් මිංචි කොල දෙක තුනක් එකතු කර ගන්න.) වංගෙඩියක් තියේනම් කොටල ගදා ගන්න.ඒත් රසයි.🔴 ඇත්තටම ගලේ අඹරලා ගත්තම සම්බෝල හරිම රසයි. මම නම් බ්ලෙන්ඩර් එකේ හදල කන්නෙ නැහැ. රස නැහැ.🔴🔴 ඉතින් දැන් අපි මේ සම්බල් එක හැදුවෙ කොස් එකට මිශ්‍ර කරන්න නේ. නමුත් මේ රසම රස කොච්චි සම්බෝලය උදේට බත් එක්ක කන්නත් පුළුවන්. හීල් බතට අඹ වෑංජනයක් හදාගෙන මෙන්න මේ කොච්චි සම්බෝලය හදා ගත්ත නම් කන්න පුළුවන් ඕන තරම්. (මාතර අපි නම් මුදවපු කිරි බත් එක්ක කන්න ගොඩක් ආසයි නේ.ඉතින් කොච්චි සම්බෝලය + අඹ වෑංජනය + කිරි එක්ක හීල් බත් කියන්නෙ අපිට නම් දිව්‍ය භෝජනයක් තමයි. 👍
  7. ♦️ හරි දැන් කොස් ටික ගානට තැම්බුනාට පස්සෙ කොස් එක ලිපේ තියෙද්දීම අපි හදා ගනිපු කොච්චි පොල් සම්බල් එක එකතු කරල හැඳි මිටකින් හොඳින් කවලම් කරන්න.ලුණු රස බලල ලිපෙන් බා ගන්න. උඩින් ගම්මිරිස් පොඩ්ඩක් ඉසින්න.
🔴🔴 නිකන්ම නිකන් කොස් තම්බලා කනවට වඩා ගොඩක් රසයි.බත් එකට එළවළුවක් විදියට වගේම හොඳ කිරි හොද්දක් හරි හාල් මැස්සො හොද්දක් වැව් මාළු හොද්දක් හරි නැත්නම් සැමන් හොද්දක් හදා ගත්තාම රසට කන්න පුළුවන්.නිකන් උනත් කන්න පුළුවන්.

පාන් පිටි ගිලල දියවැඩියාව හදා ගන්නවාට වඩා මෙහෙම දෙයකට හුරු වෙන්න.මේ විදියට හැදුවාම කොස් නොකන අයත් කන්න කැමති වේවි.

එහෙනම් ආයෙම දවසක කෑමක් හැදුවම ඔයාල හැමෝම එක්ක දැනුම බෙදා ගන්නම්. හැමෝටම උතුම් තෙරුවන් සරණයි  ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way

කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) කොච්චි පොල් සම්බල් මුසුවූ කොස් 🥘👌 (Sambal) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 31, 2021 Rating: 5

0 comments:

Post a Comment