Guru Pata Handawa Song Lyrics - ගුරු පාට හැන්දෑව ගීතයේ පද පෙළ

Guru Pata Handawa Song Lyrics - ගුරු පාට හැන්දෑව ගීතයේ පද පෙළ
Song Title : Guru Pata Handawa (ගුරු පාට හැන්දෑව)
Vocals : Senaka Batagoda
Lyrics/ Melody/ Music : Senaka Batagoda
harmonium : Janath Kulathilake
Key Board : Suresh De Silva
percussion & Tabla : Naraendra Gunarathna
mandolin/ Guitar & Base Guitar : Senaka Batagoda
Recording Engineer : Suresh De Silva
Re mastering : Udara Lakshitha 


ගුරු පාට හැන්දෑවෙ නුඹෙ රුව මැවේ නම්
ගුරු පාරේ මේ යාමෙ කවුරුත්ම නැති නම්
මම ඉන්නෙ තනියෙන්
නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්

ඉසුරුමුණියෙ තාම පෙම්බස් දොඩයි නම්
දුරපේන ක්ෂිතජයද තාමත් එතන නම්
සඳ එලියෙ නැහැවී තරු අතරෙ තනි වී
ඉගිලෙන්න මන් හරිම ආසයි

නුඹ ළඟ ඉන්නව නම් මගෙ දුක හරිම දුරයි
මගෙ හිත හඬනවා නම් නුඹ ළඟ නැති පාටයි
වැඩි පුර හිතන්න හිත ඉඩ නෑ
හිතුවත් එහි වැඩි වෙනසක් නෑ
මට විතරයි නුඹ මට විතරයි
මගෙ හිත මටම කියයි

ගුරු පාට හැන්දෑවේ නුඹෙ රුව මැවේ නම්
ගුරු පාරේ මේ යාමේ කවුරුත්ම නැති නම්
මම ඉන්නෙ තනියෙන්
නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සී පද කියන්නම්

නුඹ සිත සතුටින් නම්
එය මට හොඳින් දැනේ
නුඹ සිත හඬනවා නම්
මට ඉවසන්නට බැරි වෙයි

වැඩි පුර හිතන්න හිත ඉඩ නෑ
හිතුවත් එහි වැඩි වෙනසක් නෑ
මම මම මයි නුඹ නුඹ මයි
එනමුදු අපි එකමයි

ගුරු පාට හැන්දෑවේ නුඹෙ රුව මැවේ නම්
ගුරු පාරේ මේ යාමේ කවුරුත්ම නැති නම්
මම ඉන්නෙ තනියෙන්
නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සී පද කියන්නම්

ඉසුරුමුණියෙ තාම පෙම්බස් දොඩයි නම්
දුරපේන ක්ෂිතජයද තාමත් එතන නම්
සඳ එලියෙ නැහැවී තරු අතරෙ තනි වී
ඉගිලෙන්න මන් තාම ආසයි
ඉගිලෙන්න මන් තාම ආසයි
ඉගිලෙන්න මන් තාම ආසයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Guru Pata Handawa Song Lyrics - ගුරු පාට හැන්දෑව ගීතයේ පද පෙළ Guru Pata Handawa Song Lyrics - ගුරු පාට හැන්දෑව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 04, 2022 Rating: 5

0 comments:

Post a Comment