Badda Puura Sudu Redda Wageyi Song Lyrics - බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි ගීතයේ පද පෙළ

Badda Puura Sudu Redda Wageyi Song Lyrics - බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි ගීතයේ පද පෙළ
Song Title : Badda Puura Sudu Redda Wageyi (බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි)
ගායනය : අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න
පද රචනය : හෙන්රි තෙන්නකෝන්
තනුව : පියසිරි විජේරත්න
මුල් ගායනය : පියසිරි විජේරත්න සහ රංජනී පොල්ගම්පොල


බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා

සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ල ද
නැද්ද කනෙයියෙනි රොන් හැදිලා

බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද

බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද

පාර වටේ ඇති සේරම ගස්
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා
ගෙඩි හට ගැනිලා

පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මේ පැනි පිරිලා

බැද්දට පැනි වරුසාවක් වැහැලද
ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද

බැද්දට පැනි වරුසාවක් වැහැලද
ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද

රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්
සීනු හඬින් රස ගී ගයලා
රස ගී ගයලා

තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකේ නටලා

බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද

බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Badda Puura Sudu Redda Wageyi Song Lyrics - බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි ගීතයේ පද පෙළ Badda Puura Sudu Redda Wageyi Song Lyrics - බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment