Sithija Ima Mayimen Song Lyrics - සිතිජ ඉම මායිමෙන් ගීතයේ පද පෙළ

Sithija Ima Mayimen Song Lyrics - සිතිජ ඉම මායිමෙන් ගීතයේ පද පෙළ
Song Title : Sithija Ima Mayimen (සිතිජ ඉම මායිමෙන්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : උපුල් ශාන්ත සන්නස්ගල
තනුව : තරුපති මුණසිංහ


සිතිජ ඉම මායිමෙන්
පාට දේදුනු මැකෙයි
මතක ලුහුබැඳ ගොහින්
සුවඳ දෝතට ගෙනෙයි

ඈත දුර සඳ දිළෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි

සීත රෑ පිනි වහියි
සුසුම් හද පාරවයි
නීල තරු ඇස් දෙකක්
අරන් හඳ මෝදු වෙයි //
නපුරු දම් පාට හැන්දෑවෙ මං අසරණයි

කුමුදු කොඳ මල් පිපෙයි
සෙනේ හසරැළි නැඟෙයි
මිලින නෙත් මත වෙළී
හාදු වැස්සක් වැටෙයි
දරා ගන්නත් බයයි
හිරුත් දැන් අවදිවෙයි
ඔන්න මනමාල සුළි සුළඟ හරි කරදරයි

සිතිජ ඉම මායිමෙන්
පාට දේදුනු මැකෙයි
මතක ලුහුබැඳ ගොහින්
සුවඳ දෝතට ගෙනෙයි

ඈත දුර සඳ දිළෙයි
තරුත් ඒ ළඟ හිඳියි
කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි

කෝළ ඔය හිතට මං තාම හරි ආදරෙයි
ආදරෙයි
ආදරෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithija Ima Mayimen Song Lyrics - සිතිජ ඉම මායිමෙන් ගීතයේ පද පෙළ Sithija Ima Mayimen Song Lyrics - සිතිජ ඉම මායිමෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment