Wiyaru Wali Thiraye Song Lyrics - වියරු වැලි තීරයේ ගීතයේ පද පෙළ

Wiyaru Wali Thiraye Song Lyrics - වියරු වැලි තීරයේ ගීතයේ පද පෙළ
Song Title : Wiyaru Wali Thiraye (වියරු වැලි තීරයේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන සහ ෂෙරිල් පෙරේරා
පද : වර්නන් පෙරේරා
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ
පිය නඟන යාමයේ
ඔබව සිහිවේ ප්‍රියේ

තනිව ගෙවනා රැයේ
සුසුම මෙන් මා ළයේ
ඔබව මතකේ තියේ
ඔබය මගෙ ජීවිතේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ

අවි මානලා සීරුවේ රැඳී ඉන්නෙ යුද බිමේ පෙරමුණේ
වෙඩි මාරුතේ පාවෙලා සොයා එන්නෙ මේ අපේ ජීවිතේ

රණකාමියෝ ඔබ වගේ නැතේ ලෝකෙ කිසි දිනේ පැරදුනේ
දිනා එන්න මා වෙතේ හෙට දිනේ සුහදානනේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ
පිය නඟන යාමයේ
ඔබව සිහිවේ ප්‍රියේ

තනිව ගෙවනා රැයේ
සුසුම මෙන් මා ළයේ
ඔබව මතකේ තියේ
ඔබය මගෙ ජීවිතේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ

පොඩි දෝණියන් සිහිවෙලා නෙතේ මාගෙ කඳුළු වැල් ඉතිරිලා
හෙට මේ සටන් නිමවෙලා උදාවේද සාමයේ කල්පනා

රට ජාතියේ වීරයෝ සදාකාලෙ දෙවිවරුන් රකිනවා
ඔබේ නාමෙ රන් ලෙසේ දිලෙනවා විරුවාණනේ

වියරු වැලි තීරයේ
සතුරු බල මායිමේ
පිය නඟන යාමයේ
ඔබව සිහිවේ ප්‍රියේ

තනිව ගෙවනා රැයේ
සුසුම මෙන් මා ළයේ
ඔබව මතකේ තියේ
ඔබය මගෙ ජීවිතේ

ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wiyaru Wali Thiraye Song Lyrics - වියරු වැලි තීරයේ ගීතයේ පද පෙළ Wiyaru Wali Thiraye Song Lyrics - වියරු වැලි තීරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment