Sihil Nuwan Thula Song Lyrics - සිහිල් නුවන් තුළ ගීතයේ පද පෙළ

Sihil Nuwan Thula Song Lyrics - සිහිල් නුවන් තුළ ගීතයේ පද පෙළ
Song Title : Sihil Nuwan Thula (සිහිල් නුවන් තුළ)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් 
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1971 වසරේ නිකුත් කළ "මාගේ වියෝවෙන්" තැටියට ඇතුළත් වූ ගීයකි.(EP Supertone / VTA-1007)


සිහිල් නුවන් තුළ යහන තනා දෙමි
සැතපෙනු මැන සුවසේ
එවන් වෙලාවක මම මගෙ ඇසිපිය වසා ගනිමි රහසේ
වසා ගනිමි රහසේ

ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට නොයනු මැනවි පිටවී
සදා මගේ නෙත දසුනම වී ඔබ එහි සැනසෙනු මැනවී
එහි සැනසෙනු මැනවී

මගේ හදේ දිණු අරුමැසි ගීතය කොඳුරනු ඔබට ඇසේ
දැනේ එකල තව දසුනක් නැති බව මට මුලු ලොවම කුසේ
මට මුලු ලොවම කුසේ

මෙවන් හැඟීමක් නැත පෙර පහළව අරුමෙකි මහ පුදුමයි
භවෙන් භවේ ඔබ මට හමුවන්නට මා පතනා පැතුමයි
මා පතනා පැතුමයි
මා පතනා පැතුමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihil Nuwan Thula Song Lyrics - සිහිල් නුවන් තුළ ගීතයේ පද පෙළ Sihil Nuwan Thula Song Lyrics - සිහිල් නුවන් තුළ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment