Kaalayakata Kalin Song Lyrics - කාලයකට කලින් ගීතයේ පද පෙළ

Kaalayakata Kalin Song Lyrics - කාලයකට කලින් ගීතයේ පද පෙළ
Song Title : Kaalayakata Kalin (කාලයකට කලින්)
Performed and Melody Composed by Ramidu Yashmintha
Lyrics : Lakshitha Mihiran (​⁠@Mihiran)
Music Composed, Mixed & Masterd by Themiya Thejan
Director / DOP / Cutter / Colorist : Mahoda Induranga
Art & Set Director : Pasindu Perera
Artworks : Thushera Dilum @DEngine
Starring : Nathaliya Mathiasz | Fuchi
Location Partners : Kule & Akiya, The Glamp


කාලයකට කලින් හිත ගාව
නැවතුනු එක රුවක් ඇත තාම
සිර වෙලා
මා නෙත් පාරවා
ඈ ළඟ නැති පෙමක් මට දාව
හිමි නැති උණුහුමක් මම තාම
සොයනවා
ඔව් මා සොයනවා
මට නැති වුණේ මා කෙරේ
බිඳුවක් හෝ ආදරේ නොදුන් ඔයා
නොදොඩාම මගෙ භාරයෙන් නුඹත් මිදී ගියා
මට වගේ නුඹ හට දැනෙන්නට නම් දී නෑ මෙමා
පෙර දාම ඒ හාදකම් අපෙන් ගිලිහී ගියා

සඳ නැති රෑක මං මා කෙරෙන්
නුඹ දුන් හීන මකන්නම්
නිදි නැති රෑම මං පාළුවෙන්
සිතුවිලි අකුරු කරන්නම්
හිනැහෙන වාර දැන් නැති තරම්
අල්ලාගෙන මම ඉන්නම්
නුඹ නැති දාට මං ආදරෙන්
මගෙ හදවත සනසන්නම්

ඈතින් නුඹ ඉඳන් දිලුනාට
මා ඇත්තේ ළඟයි සිතලාම
ළං වුනා
නුඹ ඈතට වුණා
මා අරගෙන දුරක් ආවාට
පාවෙන නැවතුමක් නුඹ තාම
වැරදුනා
මට මඟ වැරදුනා

ඔබ නැති කලේ
ඔබෙ සෙනේ
රහසින් වත් මුලාවේ නොහෙළු මෙමා
මට තාම අදහන්න බෑ එසේ කළා කියා
මතු දිනේ මා වැනි තවකෙකු සොයා ඇදෙයි ඔයා
නුඹ මාව ඒ කිසිම දා සොයන්න නම් එපා

සඳ නැති රෑක මං මා කෙරෙන්
නුඹ දුන් හීන මකන්නම්
නිදි නැති රෑම මං පාළුවෙන්
සිතුවිලි අකුරු කරන්නම්
හිනැහෙන වාර දැන් නැති තරම්
අල්ලාගෙන මම ඉන්නම්
නුඹ නැති දාට මං ආදරෙන්
මගෙ හදවත සනසන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaalayakata Kalin Song Lyrics - කාලයකට කලින් ගීතයේ පද පෙළ Kaalayakata Kalin Song Lyrics - කාලයකට කලින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2024 Rating: 5

0 comments:

Post a Comment