Seetha Diya Rel Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ

Seetha Diya Rel Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ
Song Title : Seetha Diya Rel Sala (සීත දිය රැල් සලා)
ගායනය : ඉන්ද්‍රාණි බෝගොඩ
පද රචනය : ධර්මදාස පරණගම
සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ


සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මද නල හා
මුසුව සියපත් දෙතොල් පොපියා
මුසුව සියපත් දෙතොල් පොපියා
හාදු දී මා දිහා බැලුවා

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

විල් තෙරේ පීනු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ
ඇයිද බියපත්ව රත් පියුමේ
හාදු දී මා දිහා බැළුවේ

සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Diya Rel Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ Seetha Diya Rel Sala Song Lyrics - සීත දිය රැල් සලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 13, 2021 Rating: 5

0 comments:

Post a Comment