Kanyaviye Song Lyrics - කන්‍යාවියේ ගීතයේ පද පෙළ

Kanyaviye Song Lyrics - කන්‍යාවියේ ගීතයේ පද පෙළ
Song Title : Kanyaviye (කන්‍යාවියේ)
Vocal : Hasindu Sumathipala
Melody : Rusiru Rupasinghe
Lyrics : Hansi Sandamali
Produced, Mixed & Mastered by Rusiru Rupasinghe @Gorilla Studios
Esraj : Venura Sachintha Ranawaka
Guitar : Dilruk Samaradiwakara
Bass : Vihanga Susangeeth Jayasinghe
Key : Rusiru Rupasinghe
Director : Sahan Ransika Rajapaksha 
DOP / Editor / Colorist : Sahan Ransika Rajapaksha
Gaffer : Shane Perera
Art Director : Umesh  Ridmal Thilakarathna
Assistant Director : Pandula Wikramaarachchi
Make-up : Hasarangi Fernando
Transportations : Ruchiran Thilanka
Cast : Sandu Rajapaksha & Hasindu Sumathipala


කල්‍යාණි නදී ගලනා
මද සීත සුළං දමිනා
හිත තාම සොයයි 
නුඹ නීල නුවන් සගලා

නාග විමන් දොරිනා
රූ නාලි දසුන් සොබනා
මිණි අසුන පවා 
නුඹ පුදන කුසුම් රකිනා

කන්‍යාවියේ මා නුඹ නමින් පේවී
මිණි පළඟ සේ 
නුඹ රකිමි ස්නේහයෙන්

අක්බඹර කෙහෙරැල් සලා
ඉඟිපාන උවන් දිලෙනා
හිත හීන මැවෙයි
පෙම් සාර ලවන් සිඹිනා

දෑස ගිමන් නිවෙනා
රන් දේහෙ හසුන් රඟනා
මන දසුන මවා
නුඹ මහද හැඟුම් නිවනා

කන්‍යාවියේ මා නුඹ නමින් පේවී
මිණි පළඟ සේ 
නුඹ රකිමි ස්නේහයෙන්

නේත්‍රා පියෙන මාත්‍රාවක
යාත්‍රා කරන ගාත්‍රා යුග
හිතුමතේ වාරු නොදැනී නැවතුනා
මා සෙලවෙනා මනදෝ හැඟෙනා

කන්‍යාවියේ මා නුඹ නමින් පේවී
මිණි පළඟ සේ 
නුඹ රකිමි ස්නේහයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kanyaviye Song Lyrics - කන්‍යාවියේ ගීතයේ පද පෙළ Kanyaviye Song Lyrics - කන්‍යාවියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 13, 2021 Rating: 5

0 comments:

Post a Comment