Hanthana Sulange Song Lyrics - හන්තාන සුළඟේ ගීතයේ පද පෙළ

Hanthana Sulange Song Lyrics - හන්තාන සුළඟේ ගීතයේ පද පෙළ
Song Title : Hanthana Sulange (හන්තාන සුළඟේ)
Vocals : Mahiru Senarathne , Nipuni Herath
Lyrics : Isuranga Iniyage , Nelum Bopitiya
Flutes : Kalpa Gunasekara
Melody, Music, Mixing & Mastering : Stereomiinds
Illustrations & Animations : Digitree Animations (Chanaka Sandaruwan Jayasekara)


හීන පාරක තුරා
සුදු ස්නේහ වැලි පේවෙලා
මං දුර ආදා , මුදු හාදු මා මුවින් ගිලිහුණා

සිහිලැල් පවන් ඒ හමා
ඔබෙ මුදු සුසුම් මුසු වෙලා
දැවටී සුළඟේ ඔබෙ සුවඳ විදිමී සිත් පුරා (හිත් පුරා)

හිරු කැන් වියැකෙනා යාමයේ
ඇවිදින් හිඳින් මා හීනයේ
අත් වැල් පටලවා නංවා සිනා
මිහිර විදගමු ආලයේ
 
වෙන් වී ගෙවෙන මේ කාලයේ
මදිකම් හැඟේ ඔබෙ ආලයේ
ඉඩ ලද මොහොතේ මා වෙත එනු පියාඹා
සුළඟ හන්තානයේ

පේන ක්ෂිතිජය පුරා
ඔබෙ රූපෙ කැටයම් වෙලා
උණුහුම් තුරුලේ පෑ ස්නේහේ
මතකේ පැටලිලා

කඳු පාර අද තනි වෙලා
හද සැලේ සුසුමන් පියා
ඔය මුදු පහසේ අනුරාගේ
සොයමී සිත් පුරා

පේනා සිතිජේ සයුරත් එක් වීලා
මල් මී යායෙ විසිරී සුවඳ ඔබෙ දැවටේ මා හා
ඔබ විහගෙකු සේ ඉගිලීලා
දුර ආකාසේ නිම් ගෙවලා
මා හා එක්වේ දෝ හන්තාන සුළඟේ හමා

පේනා සිතිජේ සයුරත් එක් වීලා
මල් මී යායෙ විසිරී සුවඳ ඔබෙ දැවටේ මා හා
ඔබ විහගෙකු සේ ඉගිලීලා
දුර ආකාසේ නිම් ගෙවලා
මා හා එක්වේ දෝ හන්තාන සුළඟේ හමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanthana Sulange Song Lyrics - හන්තාන සුළඟේ ගීතයේ පද පෙළ Hanthana Sulange Song Lyrics - හන්තාන සුළඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2021 Rating: 5

0 comments:

Post a Comment