Pranitha Mee Pani Gena Awath Song Lyrics - ප්‍රණීත මී පැණි ගෙන ආවත් ගීතයේ පද පෙළ

Pranitha Mee Pani Gena Awath Song Lyrics - ප්‍රණීත මී පැණි ගෙන ආවත් ගීතයේ පද පෙළ
Song Title : Pranitha Mee Pani Gena Awath (ප්‍රණීත මී පැණි ගෙන ආවත්)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ප්‍රියා සූරියසේන


ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විස ඇත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙළුවත්
ගස මල පුබුදනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැළි නංවනවා

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ ...//

ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විස ඇත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ ...//

ප්‍රණීත මී පැණි ගෙන ආවත්
විස ඇත බඹර තුඩේ
උදා එළිය පුබුදා සිය නෙත්
පිබිදෙයි නෙළුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙළුවත්
ගස මල පුබුදනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැළි නංවනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pranitha Mee Pani Gena Awath Song Lyrics - ප්‍රණීත මී පැණි ගෙන ආවත් ගීතයේ පද පෙළ Pranitha Mee Pani Gena Awath Song Lyrics - ප්‍රණීත මී පැණි ගෙන ආවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment