Bigu Walpila Song Lyrics - බිඟු වැලපීලා ගීතයේ පද පෙළ

Bigu Walpila Song Lyrics - බිඟු වැලපීලා ගීතයේ පද පෙළ
Song Title : Bigu Walpila (බිඟු වැලපීලා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ප්‍රියා සූරියසේන


බිඟු වැලපීලා
මල් පරවීලා
තරු ගිලිහීලා
සඳු සැඟවීලා

අඳුරේ වෙළිලා
මඟ නොපෙනීලා
ඇය වෙන්වුවා
මා තනිවූවා
මල් පරවීලා

මුදු සීත නිල් විල් තලා
අසල හිඳිමින් ළංවෙලා
පැවසූ වදන් ඈ එදා
මතකේ රැඳේ //
මොහොතින් ඇඳී
සැණෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

බිඟු වැලපීලා
මල් පරවීලා
තරු ගිලිහීලා
සඳු සැඟවීලා

අඳුරේ වෙළිලා
මඟ නොපෙනීලා
ඇය වෙන්වුවා
මා තනිවූවා
මල් පරවීලා

සිටි සමනලුන් කල් බලා
එළවා දමා මල් තලා
බමරුන් ගනී රොන් උරා
නොසිතූ ලෙසේ //
මොහොතින් ඇඳී
සැණෙකින් මැකී
ඉඳු දුන්න සේ ඈ ගියා

බිඟු වැලපීලා
මල් පරවීලා
තරු ගිලිහීලා
සඳු සැඟවීලා

අඳුරේ වෙළිලා
මඟ නොපෙනීලා
ඇය වෙන්වුවා
මා තනිවූවා
මල් පරවීලා

මල් පරවීලා ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bigu Walpila Song Lyrics - බිඟු වැලපීලා ගීතයේ පද පෙළ Bigu Walpila Song Lyrics - බිඟු වැලපීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment