Kawda Oba Kawrundo Song Lyrics - කව්ද ඔබ කව්රුන්දෝ ගීතයේ පද පෙළ

Kawda Oba Kawrundo Song Lyrics - කව්ද ඔබ කව්රුන්දෝ ගීතයේ පද පෙළ
Song Title : Kawda Oba Kawrundo (කව්ද ඔබ කව්රුන්දෝ)
ගායනය : එච්. ආර්. ජෝතිපාල
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
ශාන්ති (1974) චිත්‍රපටියෙන්


කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ

මදහාස බැල්මෙන් තී
මා මත් මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන්
නැද්ද නෙත් සලන්නේ

සඳ පායලා ආ ඒ
ඔබදෝ වසන්තේ
සැළලිහිනි ගී පිළිරැව්
හඬදෝ දසන්තේ
එදා සීගිරියේහී
ඇඳුණු රුවක්දෝ
රුවක්දෝ රුවක්දෝ රුවක්දෝ

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ

වලාකුල වගේ පීරූ
හිස පිරිමදින්නම්
නෙලා ඕලු මානෙල් මල්
ගෙල පළඳවන්නම්

මගේ ආදරේ සතුටින්
පිළිගන්නවානම්
උදේ මෙන් දිවා රෑ මං
පණ සේ රකින්නම්
හිතාගන්න බෑ තාමත්
ඔබ කාගේ කව්දෝ
කව්දෝ කව්දෝ කව්දෝ

කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ
නිහඬ වීලා මන්දෝ
පවසන්නෙ මොනවාදෝ
සිතුවාට නැත සිතෙන්නේ
කව්ද ඔබ කව්රුන්දෝ
මලක පිණි බිඳුවක්දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawda Oba Kawrundo Song Lyrics - කව්ද ඔබ කව්රුන්දෝ ගීතයේ පද පෙළ Kawda Oba Kawrundo Song Lyrics - කව්ද ඔබ කව්රුන්දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment