Seetha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ

Seetha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ
Song Title : Seetha Sunil Diya Dahara (සීත සුනිල් දිය දහරා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
ගී පද : කරුණාරත්න අබේසේකර
"දෙයියන්ගෙ රටේ" චිත්‍රපටියෙන්


සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරු ලිය පිරිලා වන මල් පිපිලා
හිත අලවයි ඇස නලවයි //

තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
මහ ගිරිදඹ පසු කරලා
යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්ත කූඨ රජාගේ
කමණීයයි රමණීයයි

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරු ලිය පිරිලා වන මල් පිපිලා
හිත අලවයි ඇස නලවයි

නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදී
සිත සැනසෙයි පින පලදෙයි

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරු ලිය පිරිලා වන මල් පිපිලා
හිත අලවයි ඇස නලවයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seetha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ Seetha Sunil Diya Dahara Song Lyrics - සීත සුනිල් දිය දහරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment