Bangasala Vidiyedi Song Lyrics - බංගසාල වීදියේදි ගීතයේ පද පෙළ

Bangasala Vidiyedi Song Lyrics - බංගසාල වීදියේදි ගීතයේ පද පෙළ

Bangasala Vidiyedi Song Lyrics - බංගසාල වීදියේදි ගීතයේ පද පෙළ
Song Title : Bangasala Vidiyedi (බංගසාල වීදියේදි)
ගායනය : සේනානායක වේරලියද්ද සහ නිරෝෂා විරාජිනී
පද රචනය : ගාමිණී විජේතුංග
තනුව : නවරත්න ගමගේ
(සින්තටික් සිහින ටෙලි නාට්‍යයට නිර්මානය වූ ගීයකි.)
2004 වසරේ ජාතික රූපවාහිනියෙන් පැවැත්වුණු "සඳ එළියෙන් දෝතක්" ප්‍රසංගයේදී සේනානායක වේරලියද්ද හා නිරෝෂා විරාජිනී ඉදිරිපත් කළ රංගනයක් පහත යොමුවෙන් නරඹන්න.



බංගසාල වීදියේදි හම්බනූන නම් (අම්මපා)
බංගසාල වීදියේදි හම්බනූන නම්
ගෙන්දගම් පොළව ඉඹින්න එන්නෙ නෑනෙ මං
සත්තයි එන්නෙ නෑනෙ මං

මගෙ දමයන්තී
නුඹෙ පස්සෙ සිමෙන්ති
කිය කිය පස්සෙන් ආ හැටි මතකද
ගිහිං නතරවුනේ
වනාතමුල්ලේ (පොඩි පේළි ගේක)

ගුම් ගුම් ගුම් ගුම් හඬදෙන
මී මැසි රෑනක් විලසින
හිටියෙ එකට එක පොදියට
මී මැහි රෑනේ
ඔය දුකක් සැපක් කියා දෙයක් හැඳුනුවෙ නැහැනේ
හැඳුනුවෙ නැහැනේ

ඉහට අපේ ටකරන් වහළින්
ඉර හඳ එබුනා (ඉර හඳ එබුනා)
මතකද සතුටින්
තරු පින්නේ දරු දෙන්නා දීග දෙන්න කතා කරපු දා

ඉන්න හිටින්නට ගේ දොර නැති හින්දා
පුතා දෙන්න කැමතිවුනේ නෑ නැන්දා
ඒ දුක වාවගන්නට බැරිවුන හින්දා
ලොකුදූ නින්දෙදිත් හරියට ඉකිබින්දා

එතකොට .. පොඩ්ඩා ?

පොඩ්ඩ හෝමගම තැනකට ගාල් වුනා
නොකියම පොඩ්ඩ හෝමගම තැනකට ගාල් වුනා

ගුම් ගුම් ගුම් ගුම් හඬදෙන
මී මැහි රෑනක් විලසින ...//

අන්න සිරිකත ඇවිදින්
අහස සිඹ සිඹ නැළවෙන් ..///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bangasala Vidiyedi Song Lyrics - බංගසාල වීදියේදි ගීතයේ පද පෙළ Bangasala Vidiyedi Song Lyrics - බංගසාල වීදියේදි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment