Lande Ukula Uda Song Lyrics - ලන්දේ උකුළ උඩ ගීතයේ පද පෙළ

Lande Ukula Uda Song Lyrics - ලන්දේ උකුළ උඩ ගීතයේ පද පෙළ

Lande Ukula Uda Song Lyrics - ලන්දේ උකුළ උඩ ගීතයේ පද පෙළ
Song Title : Lande Ukula Uda (ලන්දේ උකුළ උඩ)
ගායනය : ජැක්සන් ඇන්තනී සහ  කුමාරි මුණසිංහ
පද : රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය : සංගීත් වික්‍රමසිංහ


ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා...//

නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්

රත්තරන් පාට කමතට ඉහළින්
රත්තරන් පාට කමතට ඉහළින්
කන්ද උඩින් එන ගෝමරියේ
දැන් ගමට වරෙන්
දැන් ගමට වරෙන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියො ඇවිත් නවතා සක්මන්

‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
‌තෙල් දැමුව දොලොස්මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන්
රන් එළිය අරන්

ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා
ලන්දේ උකුළ උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැ ඇරිලා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lande Ukula Uda Song Lyrics - ලන්දේ උකුළ උඩ ගීතයේ පද පෙළ Lande Ukula Uda Song Lyrics - ලන්දේ උකුළ උඩ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2021 Rating: 5

0 comments:

Post a Comment