Mama Song Lyrics - මම ගීතයේ පද පෙළ

Mama Song Lyrics - මම ගීතයේ පද පෙළ
Song Title : Mama (මම)
Artist : Hashen Dulanjana 
Lyrics : Chathurika Vinodi Perera
Music & Melody : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Guitar arrangements : Kavin Harshana


ආලෝක වර්ෂ දහසක් දුරින්
කාල කුහරයක පතුලත
කුඩා එළි තිතක් දල්වා ලමි
සඟවා ගනිමි වට අවට
ඝනව පැතිරුණ අන්ධකාරය

මෙරු තටු සැලෙන වේගෙන් ගැහෙන
මීන දෑසකි ඔබ සතුව
අඳුරු කුටියක ස්පන්දනය වන
ගැඹුරු මා හද විනිවිදින

එහෙයින්ම මම
ගැඹුරුය
නිසලය
නිසසලය

විසල් කරමින් දෑස
මදහසින් රේඛා මවාගමි
මෙතැන් සිට නුඹට
අඳුර තුළ වුව නොයෙක් පැහැ දිලෙනු ඇත

එහෙයින්ම මම
ගැඹුරුය
නිසලය
නිසසලය

'' ආලෝකය නොඑන අඳුරු කුටියක ස්පන්දනය වන මගේ හද ගැඹුර විනිවිද යන ඔබේ මීන දෑස මෙරු තටු සැලෙන වේගයෙන් ගැහෙමින් පවතී. සොඳුර ඔබ චංචල වී ඇත. එනිසාවෙන්ම මම නිනිශ්චලව සිටීමට උත්සහ කරමි. 

ආලෝක වර්ෂ දහසක් දුරින් පිහිටි කාල කුහරයක පතුලෙහි කුඩා එළි තිතක්ව දැල්වෙන මගේ ප්‍රේමය ඔබ හැඳින ගනීවිද සොඳුරිය?

බලාපොරොත්තු නොමැති ජීවිතයක ඝන අන්ධකාරය මා අවට පැතිරී ඇති නිසාවෙන් ඔබේ සිහිනයන් තුළ ඔබ ගිලී යන මොහොතක විසල් කරමින් දෑස ඔබට පෙනෙන්නට මදහසින් රේඛා මවා ගන්නට මම උත්සහ කරමි. 

එහෙයින්ම ප්‍රේමිය මෙතැන් සිට නුඹට මගේ දෑසෙහි අන්ධකාරය තුළ වුව ඔබේ සිහිනයන්ගේ නොයෙක් වර්ණයන් පෙනෙනු ඇත. 

එනිසාවෙන්ම ඔබට ඉඩ දී මම නිහඬව වෙසෙමි; නිශ්චලව වෙසෙමි; ගැඹුරින් ඔබට ප්‍රේම කරමි. ''

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Song Lyrics - මම ගීතයේ පද පෙළ Mama Song Lyrics - මම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2021 Rating: 5

0 comments:

Post a Comment