Jana Mana Nayana Washi Kala Lanka Song Lyrics - ජන මන නයන වශී කළ ලංකා ගීතයේ පද පෙළ

Jana Mana Nayana Washi Kala Lanka Song Lyrics - ජන මන නයන වශී කළ ලංකා ගීතයේ පද පෙළ
Song Title : Jana Mana Nayana Washi Kala Lanka (ජන මන නයන වශී කළ ලංකා)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස
පද : පියදාස කරඳගොල්ල
තනුව : එම්.ජේ. සුගතදාස


ජන මන නයන වශී කළ ලංකා
ශාන්ත සුඛදායී
ජන්ම භූමි ධරණී

ජන මන නයන වශී කළ ලංකා
ශාන්ත සුඛදායී
ජන්ම භූමි ධරණී

මධුකර භෘංග සමූහ විභූශිත
විකසිත පුෂ්ප කලාප සුගන්ධිත

මධුකර භෘංග සමූහ විභූශිත
විකසිත පුෂ්ප කලාප සුගන්ධිත

මනෝහාර ගිරි ශිඛර අලංකෘත
රම්‍ය භූමි ධරණී

ගංග තරංග නඟා මන මෝහන
ශුද්ධ වර්ණ ජල ධාරා ස්පන්ධිත

ගංග තරංග නඟා මන මෝහන
ශුද්ධ වර්ණ ජල ධාරා ස්පන්ධිත

වෘක්ෂ ගුල්ම පඬු පල්ලව සජ්ජිත
සාර භූමි ධරණී

කරුණාදර මෙෙත්‍රී ගුණ භූශිත
භක්ති පූර්ණ ජන රාශි නිවාසිත

කරුණාදර මෙෙත්‍රී ගුණ භූශිත
භක්ති පූර්ණ ජන රාශි නිවාසිත

බුද්ධ රාජ ශ්‍රී පාදා ස්පර්ශිත
පුණ්‍ය භූමි ධරණී

දේශ විලෝපන ශාස්ත්‍ර විධාරන
ජාත භූමි අනුරා රෝ දීපන

දේශ විලෝපන ශාස්ත්‍ර විධාරන
ජාත භූමි අනුරා රෝ දීපන

කීර්ති රාව ජය ඝෝෂාලම්බන
වීර භූමි ධරණී

ජන මන නයන වශී කළ ලංකා
ශාන්ත සුඛදායී
ජන්ම භූමි ධරණී

ජන මන නයන වශී කළ ලංකා
ශාන්ත සුඛදායී
ජන්ම භූමි ධරණී

මේ ගීයේ කතෘත්වය තහවුරු කර ගැනීමට සහය වූයේ, ගීත මතක පුස්තකාලයක් බඳු ටී.ඩී.ඒ. තිලකරත්න මහතා බව කෘතවේදීව සඳහන් කරමි.

2004 වර්ශයේ දී "ටොරානා" ආයතනය එළි දැක්වූ විවිධ කලාකරුවන් රැසකගේ ගී එකතුවක් ලෙස තැටි ගත කළ (තැටි අංක SPSK 2087) එකතුවක මේ ගීය ඇතුළත් විය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jana Mana Nayana Washi Kala Lanka Song Lyrics - ජන මන නයන වශී කළ ලංකා ගීතයේ පද පෙළ Jana Mana Nayana Washi Kala Lanka Song Lyrics - ජන මන නයන වශී කළ ලංකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2021 Rating: 5

0 comments:

Post a Comment