Gomara Mala Song Lyrics - ගෝමර මාලා ගීතයේ පද පෙළ

Gomara Mala Song Lyrics - ගෝමර මාලා ගීතයේ පද පෙළ
Song Title : Gomara Mala (ගෝමර මාලා)
Singing : Dushyanth Weeraman (දුෂ්‍යන්ත වීරමන් මහත්මා)


ගෝමර මාලා වත සරසාලා
හැඩ වැඩ ගමනට ඉඟ නලවා
වරලස මුදලා ඔසරිය අන්දාලා
කෝල සිනහවෙන් මුව සරසා
නුඹේ රුව දැකලා හිත මගෙ සැලිලා
යන්ට හිතයි මගෙ දිවි හැරලා
මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ
බහ දීපන් මට දිවි සනසා

වැවෙන් නෙලා ගෙන මානෙල් මල් වැල්
ඔබෙ වත ගවසන්නම්
චාටු කුනාටු දාන හිපාටු
අල්ලලා එලවන්නම්
වෙරළු දොඩම් කජු පැණිවරකා
සීනි ලොසින්ජර් වැලි තලපා
ආල නුරාමල් සිහින පොකුරු වැල්
පැදුරු ඇදේ නුඹ සතපන්නම්

මැනිකගේ ලස්සන දුටු විට කාගෙත්
හදවත වාවයිද
ගමේ අනිත් හැම ගැටිස්සියන් නොව
නුඹමයි මට උරුම
කාටත් නොකියූ රහසක් මන්
දිනයක ඔබ හට පවසන්නම්
දත කට මැද ගෙන උබෙ අත අරගෙන
හඳ පානේ පැනලා යන්නම් බොල

ගෝමර මාලා වත සරසාලා
හැඩ වැඩ ගමනට ඉඟ නලවා
වරලස මුදලා ඔසරිය අන්දාලා
කෝල සිනහවෙන් මුව සරසා
නුඹේ රුව දැකලා හිත මගෙ සැලිලා
යන්ට හිතයි මගෙ දිවි හැරලා
මගේ සුදු මැණිකෝ මගේ රන් මැණිකෝ
බහ දීපන් මට දිවි සනසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gomara Mala Song Lyrics - ගෝමර මාලා ගීතයේ පද පෙළ Gomara Mala Song Lyrics - ගෝමර මාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2021 Rating: 5

0 comments:

Post a Comment