Thun Sitha Dahan Gatha Wena Song Lyrics - තුන් සිත දැහැන් ගත වෙනා ගීතයේ පද පෙළ

Thun Sitha Dahan Gatha Wena Song Lyrics - තුන් සිත දැහැන් ගත වෙනා ගීතයේ පද පෙළ
Song Title : Thun Sitha Dahan Gatha Wena (තුන් සිත දැහැන් ගත වෙනා)
ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : අශෝක කෝවිලගේ


තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...

නෙතගට කඳුල ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...

තුන් සිත දැහැන් ගත වෙනා...//

පෙම්බර වදන් වැල විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා...
සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා...

තුන් සිත දැහැන් ගත වෙනා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thun Sitha Dahan Gatha Wena Song Lyrics - තුන් සිත දැහැන් ගත වෙනා ගීතයේ පද පෙළ Thun Sitha Dahan Gatha Wena Song Lyrics - තුන් සිත දැහැන් ගත වෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment