Supembara (Handawa Manmula) Song Lyrics - සුපෙම්බරා (හැන්දෑව මංමුලා) ගීතයේ පද පෙළ

Supembara (Handawa Manmula) Song Lyrics - සුපෙම්බරා (හැන්දෑව මංමුලා) ගීතයේ පද පෙළ
Song Title : Supembara (Handawa Manmula) (සුපෙම්බරා (හැන්දෑව මංමුලා))
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : නදීක ගුරුගේ
ගී පද : චාමින්ද රත්නසූරිය


හැන්දෑව මංමුලා වෙලා....
රිදී පාට ඇස් දිලේ
සරා සැලෙන නුරා
නිශාචර සඳ එළිය යටින්
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

බඳුන් මදිරා දියට කලතා
වැගිරෙන ප්‍රේම කල්පනා //
දුරින් දුරින් අවුස්සා
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

අඳුන් වුවනේ දෙතොල රස පා
වියලෙන දෑස කිතිකවා //
සෙමෙන් සෙමෙන් හිත අවුළුවා
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

හැන්දෑව මංමුලා වෙලා....
රිදී පාට ඇස් දිලේ
සරා සැලෙන නුරා
නිශාචර සඳ එළිය යටින්
ඇවිදින්...ද අදත් සාදයේ
මල් හී දරා... සුපෙම්බරා...
සුපෙම්බරා...

සුපෙම්බරා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Supembara (Handawa Manmula) Song Lyrics - සුපෙම්බරා (හැන්දෑව මංමුලා) ගීතයේ පද පෙළ Supembara (Handawa Manmula) Song Lyrics - සුපෙම්බරා (හැන්දෑව මංමුලා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment