Suli Sulan Hamala Song Lyrics - සුලි සුලන් හමාල ගීතයේ පද පෙළ

Suli Sulan Hamala Song Lyrics - සුලි සුලන් හමාල ගීතයේ පද පෙළ
Song Title : Suli Sulan Hamala (සුලි සුලන් හමාල)
Singing : Anton Jones (ඇන්ටන් ජෝන්ස් මහත්මා)


සුලි සුලන් හමාල මහ මුහුද ගොඩගලා
මේ හෙල දෙරන වැනසුනා
මහ ගස් ඇදවැටිල ගේ දොර බිමට සමතලා
ලක්ෂ ගනන් අතරමං වුනා
නැගෙනහිර දෙසින් ආ සුලි සුලඟ වියරැවෙන්
ගස්වැල් අබරාගෙන හැමුව
මහ ගල් කුළුද පෙරලමින්
වැව්බැමි පුපුරා හෙලමින්
වියරැ සුලග උමතුව නැටුව
මඩකලපුව අම්පාර පොලොන්නරුවේ සමන්තුරෙ
ඒ හැම නගර දියෙන් යටවුනෙ
මන්නාරම කන්තලෙ පොතුවිල් සහ කල්මුනෙ
නටබුන් වගෙ ඈතට පෙනුනෙ

බියකරැ රැයක් ගතවුනෙ
කවුරැත් බියෙන් පසුවුනෙ
සමුදුර ගොඩටම ගැළුවෙ
ගම්බිම් දියෙන් යටවුනෙ
දහසක් ජීවත නැසුනෙ
පිලිසරනයි කව්රුත් පැතුවෙ
ගංගා පිරී ඉතිරැනා
උන්හිටි තැන්ද නැතිවුනා
විලි වහ ගන්න කඩක් නැ
මව් සහ පියා නැතිවුනා
දූදරැ දුකින් වැලපුනා
කඳුළු පමනි අහරක් කිසි නැ
මඩකලපුව අම්පාර පොලොන්නරුවේ සමන්තුරෙ
ඒ හැම නගර දියෙන් යටවුනෙ
මන්නාරම කන්තලෙ පොතුවිල් සහ කල්මුනෙ
නටබුන් වගෙ ඈතට පෙනුනෙ

දියබිදක් බොන්න නැ කන්න කිසිත් ගන්න නැ
හාමතයෙන් දවස් පසුවුනා
මේ ඉහට හෙවන නැ සමහරැ ආගියාද නැ
මලකඳන් එකට වැලළුනා
මේ පුවත අසාල ලක්වැසි සැවොම එක්වෙලා
පිහිටවන්න පෙරමුන ගත්ත
විදේශ වලින් ඇවිල්ල සහනාධාර ගෙනල්ල
අපිව සාගතයෙන් මුදවාගත්ත
මඩකලපුව අම්පාර පොලොන්නරුවේ සමන්තුරෙ
ඒ හැම නගර දියෙන් යටවුනෙ
මන්නාරම කන්තලෙ පොතුවිල් සහ කල්මුනෙ
නටබුන් වගෙ ඈතට පෙනුනෙ
නටබුන් වගෙ ඈතට පෙනුනෙ
නටබුන් වගෙ ඈතට පෙනුනෙ
නටබුන් වගෙ ඈතට පෙනුනෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suli Sulan Hamala Song Lyrics - සුලි සුලන් හමාල ගීතයේ පද පෙළ Suli Sulan Hamala Song Lyrics - සුලි සුලන් හමාල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment