Ramya Manahara Dalada Madura Song Lyrics - රම්ය මනහර දළදා මැදුර ගීතයේ පද පෙළ

Ramya Manahara Dalada Madura Song Lyrics - රම්ය මනහර දළදා මැදුර ගීතයේ පද පෙළ
Song Title : Ramya Manahara Dalada Madura (රම්ය මනහර දළදා මැදුර)
Singing : Anton Jones (ඇන්ටන් ජෝන්ස් මහත්මා)


රම්ය මනහර දළදා මැදුර...
අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර...
අවට කදුකරේ ඒ දලදා මැදුර...
අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර...

කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන...
දිස්නය දෙන ඇදුමෙන් නටයි පැන පැන...
දිස්නයදෙන ඇදුමෙන් නටයි පැන පැන...
කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන...

හේවිසි නාදෙ ලීකෙලි වාදෙ...
කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ...
කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ...
අලියගෙ යුද්දෙ දැක්කෙ මම පෙරහැර මැද්දෙ...

ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ...
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ...
ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ...
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ...

පෙරහැර එන කල බලන්න හිටියෙ පුල පුල...
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල...
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල...
පොඩි පුතෙක් අතුපැල ඉදගෙන දිව්වෙ බල බල...

බෙර කරුවො දුවනවා බෙර ඉබේ වදිනවා...
පන්දං වැටෙනවා ගින්දර උඩින් පනිනවා...
නැට්ටුවෝ දුවනවා ගෙජ්ජි පාරෙ හැලෙනවා...
අයියෝ තෙරපෙනවා පොඩි ලමයි අඩනවා...

ලමයි තෙරෙපුනා මව්පියෝ වැලපුනා...
බයේ දුවමිනා සමහරු වැවට පෙරලුනා...
තවත් බොහො දෙනා අනේ අතරමන් උනා...
බොහො අය මැරුනා පොඩි දරුවො පෑගුනා...

ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ...
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ...
ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ...
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ...

හේවිසි තට්ටු තාලෙට නැටුව මනප්පු...
ඇතෙක් කුලප්පු උනෙ හැදිලාද වලිප්පු...
ඇත්ගොව්ව මනප්පු හොදට බීල කසිප්පු...
හෙන්ඩුවෙන් ඇනපු පාරට අලිය කුලිප්පු...

කඩසාප්පු කඩමිනා මේ ඇතා දුවන්නා...
වහලකට නැගමිනා ඇත්ගොව්ව බේරුනා...
ඔය ඇතා තනිවුනා වෙඩි පහරකට යටවුනා...
අයියෝ රාජ මැරුනා කාරෙක උඩට පෙරලුනා...

ගින්දර කෑලි පෑගුනාට එවනි...
පෙරත් අපෙ අලි මේ වගෙ කෙරුවද පෙරලි...
පෙරත් අපෙ අලි ඔය වගෙ කෙරුවද පෙරලි...
වෙඩිපහරට ඇකිලී ඇත් රජු වැටුනලු මල්ලි...

ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ...
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ...
ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ...
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ramya Manahara Dalada Madura Song Lyrics - රම්ය මනහර දළදා මැදුර ගීතයේ පද පෙළ Ramya Manahara Dalada Madura Song Lyrics - රම්ය මනහර දළදා මැදුර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment