Adinna Mini Gawuma Adinna Song Lyrics - අඳින්න මිනි ගවුම අඳින්න ගීතයේ පද පෙළ

Adinna Mini Gawuma Adinna Song Lyrics - අඳින්න මිනි ගවුම අඳින්න ගීතයේ පද පෙළ
Song Title : Adinna Mini Gawuma Adinna (අඳින්න මිනි ගවුම අඳින්න)
ගායනය : ඇන්ටන් ජෝන්ස්

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නේ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නේ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නේ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනේ

මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නේ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නේ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
එහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනවා
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා

මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩවුණා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණේ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නේ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නේ

මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

1968 දී පිලිප්ස් ලේබලයෙන් නිෂ්පාදිත Baila Hits of 1968 නම් EP තැටියට මේ ගීය ඇතුළත් වුණා.

මේ ගීයේ තනුව උපුටා ගෙන ඇත්තේ "Battle Hymn of the Republic" නම් ප්‍රකට හමුදා පෙරෙට්ටු වාද්‍ය ඛණ්ඩයෙනි. විකිපීඩියා හී ඒ පිළිබඳ වැඩි විස්තර ඇත.

THE BATTLE HYMN OF THE REPUBLIC

Mine eyes have seen the glory of the coming of the Lord;
He is trampling out the vintage where the grapes of wrath are stored;
He hath loosed the fateful lightning of His terrible swift sword;
His truth is marching on.

Glory! Glory! Hallelujah!
Glory! Glory! Hallelujah!
Glory! Glory! Hallelujah!
His truth is marching on.

I have seen Him in the watch-fires of a hundred circling camps;
They have builded Him an altar in the evening dews and damps;
I can read His righteous sentence by the dim and flaring lamps,
His day is marching on.

I have read His fiery gospel writ in rows of burnished steel!
"As ye deal with my condemners, so with you My grace shall deal!
Let the Hero, born of woman, crush the serpent with his heel, "
Since God is marching on.

He has sounded forth the trumpet that shall never call retreat;
He is sifting out the hearts of men before His judgment seat;
Oh, be swift, my soul, to answer Him; be jubilant, my feet!
Our God is marching on.

In the beauty of the lilies Christ was born across the sea,
With a glory in His bosom that transfigures you and me;
As He died to make men holy, let us die to make men free!
While God is marching on.
Lyricist : Julia Ward Howe
Composer : William Steffe
Year : 1861
Adinna Mini Gawuma Adinna Song Lyrics - අඳින්න මිනි ගවුම අඳින්න ගීතයේ පද පෙළ

මේ කොන්කානි ගීතයත් රස විඳින්න

Movie : Amchem Noxib
Year : 1963
Director : A. Salam
Producer : Frank Fernand
Music : Frank Fernand
Lyricist : M. Boyer
Singer : Anthony Mendes
Song Title : Mogachem Tarum
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adinna Mini Gawuma Adinna Song Lyrics - අඳින්න මිනි ගවුම අඳින්න ගීතයේ පද පෙළ Adinna Mini Gawuma Adinna Song Lyrics - අඳින්න මිනි ගවුම අඳින්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment