මම අද ☕ වෙලාවට කන්න මාළු පාන් හැදුවා . උණු උණුවේ එන්න කන්න . හරිම රසයි වගේම හරිම මෙලෙකයි . මම හැදුවේ මෙහෙමයි .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි කප් 2 240g
- මාජරීන් මේස හැදි 1
- බිත්තර 1
- කිරිපිටි මේස හැදි 1
- ලුනු තේ හැඳි 1
- යන්තම් සීතල අයිස් වතුර
- ඊස්ට් තේ හැඳි 1
- සීනි තේ හැඳි 1
- මද උණුසුම් වතුර කප් 1 /4
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව කප් එකකට මද රස්නෙ වතුර ටික දමා සීනි තේ හැඳි 1 එකතු කර මිශ්‍ර කරන්න . දැන් ඊස්ට් තේ හැඳි 1 දමා කලවම් කරන්න . පියනකින් වසා විනාඩි 10 පැත්තකින් තබන්න පිපෙන්න .
- බිත්තර 1 කප් එකකට දමා ගැරුප්පුවකින් තට්ටු කර පැත්තකින් තබන්න .
- භාජනයකට පිටි දමා පිපුණු ඊස්ට් මිශ්‍රණය එකතු කරන්න . ඊලගට මාජරීන් මේස හැදි 1 , කිරිපිටි මේස හැදි 1, ලුණු තේ හැඳි 1 සහ ගසාගත් බිත්තර 1 භාගයක් දමා අතින් මිශ්‍ර කරන්න .
- පසුව අයිස් වතුර ටික ටික දමා ටිකත් ඝන ඩෝ එකත් සාදා ගන්න . දැන් මෙම ඩෝ එක විනාඩි 7ක් පමණ නීඩ් කරන්න . වැඩියේ අත තද කරන්න එපා.
- දැන් මෙම ඩෝ එක දික් අතට රෝල් කර සමාන කොටස් 6කට වෙන් කරන්න .
- පසුව එක එක කොටසකින් බෝල සාදා ට්‍රේ එකක තබා ලන්ච් ශීට් එකකින් වසන්ත . ඊට උඩින් ස්වියට් එකක් එලන්න. මෙලෙස විනාඩි 30 තබන්න .
- එම වේලාව අතරතුර තමන්ට කැමැති පිරවුමක් සාදා ගන්න . .
- විනාඩි 30 ට පසු පිටි තැවරු ලැල්ලක් මත එක එක බෝල ගෙන තුනී කර පිරවුම මැද තබා මාළු පාන් හැඩයට නමා මාජරීන් තැවරු ට්‍රේ එහෙක තබන්න .
- දැන් මෙම ට්‍රේ එක නැවතත් වසා විනාඩි 30 තබන්න .
- විනාඩි 30 ට පසු ඉතිරි කරගත් බිත්තර සාරය මාළු පාන් වල උඩින් ගා උශ්නත්වය 200ට විනාඩි 10ක් පෙර උණුසුම් (pre heat) වු අවන්(oven) එකේ විනාඩි 25 ක්පමණ බේක් කරන්න .
- පසුව බේක් වු මාළු පාන් එලියට ගෙන උඩින් මාජරීන් තවරන්න .
Dhammika Panangala
![මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) - Your Choice Way මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLXt7MTNWECWlrw9kTbJ9cyX702T26qVvLFHnU3jeqMbzuFc4u_3H-iLzHa_G1W4hTYBt9EBDgGUJgqDu9NHvmi0Zx_tOCyTW6I9uZHpKzCkRoMjFNMAXeqMclu4Pc-vyQAXPiwAe6vs4z/s16000/%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B7%2585%25E0%25B7%2594+%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Malu+Pan+Hadamu+%255BFish+Ban%255D%2529+-+Your+Choice+Way.png)
![මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) - Your Choice Way මාළු පාන් හදමු (Malu Pan Hadamu [Fish Ban]) - Your Choice Way](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfIEaKLIgyuDx9EiAufYqfgHqKMP2ct7XZ_JSsx2xpfQ1qrAIHCWWXjmgGNHJSeAgjXyFzYIpMl34hWq1HUmQzWauQq94yHy6ynMyAzBN1SSd6IOUywmTH88xhr89BEaTUkVMx1Kg69Puc/s16000/%25E0%25B6%25B8%25E0%25B7%258F%25E0%25B7%2585%25E0%25B7%2594+%25E0%25B6%25B4%25E0%25B7%258F%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B7%2584%25E0%25B6%25AF%25E0%25B6%25B8%25E0%25B7%2594+%2528Malu+Pan+Hadamu+%255BFish+Ban%255D%2529+-+Your+Choice+Way.jpg)


0 comments:
Post a Comment