Mihinthalawai Song Lyrics - මිහින්තලාවයි ගීතයේ පද පෙළ

Mihinthalawai Song Lyrics - මිහින්තලාවයි ගීතයේ පද පෙළ
Song Title : Mihinthalawai (මිහින්තලාවයි)
Artist : Sanuka Wickramasinghe 
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි
මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

අනුබුදුහිමි බුදු ධර්මය රැගෙන වැඩිය දින
තිස්ස කුමරු මුව දඩයමෙ යෙදුනේ මේ දින
පාපෙන් වළකා කුමරුන් සීලෙ පිහිටු දින
අඹ පැන විසඳා ධර්මය දෙසු මේ පෝ දින

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

සසර වසන සතට අමා නිවන් මඟට යන
ධර්මාලෝකය ලද මේ පොසොන් පොහෝ දින
සදහම් ආලෝකෙන් ලක්බිම බැබලූ දින
දොහොත් මුදුන් දී නමදිමි උතුම් මෙ පෝ දින

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි
මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mihinthalawai Song Lyrics - මිහින්තලාවයි ගීතයේ පද පෙළ Mihinthalawai Song Lyrics - මිහින්තලාවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment